ඔබ තරම් පෙම් කෙරූ

Sunday, December 4, 2011

ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........

ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥
මේ තරම් ආදරේ....... ♥

රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ 



තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........

ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........

ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥
මේ තරම් ආදරේ....... ♥ 

ගායනය : තීක්ෂන අනුරාධ 



ටිකෙන් ටික

Wednesday, November 16, 2011

ටිකෙන් ටික ටිකෙන් ටික  අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා  අද අපේ ලොව

අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට ට පෙර මදු සමයට දෙන්න ලොකු දුකක්





පොත් මිටියක් මල් කලබක් උවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබේ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ
සිතා ගන්න බෑ

ටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවට මේ තරම් දුර
මේ තරම් දුර කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා  අද අපේ ලොව


ගායනය - Daddy

ළමා ලොව

Sunday, November 13, 2011

උපහාසය මැද ජීවත් වන දරුවා බියසුළුකම ඉගෙන ගනියි
 
විවේචනය මැද ජීවත් වන දරුවා ගැරහීම ඉගෙන ගනියි

 
අවිශ්වාසය මැද ජීවත් වන දරුවා වංචාව ඉගෙන ගනියි

 
විරුද්ධකම් මැද ජීවත් වන දරුවා සතුරුකම ඉගෙන ගනියි

 
සෙනෙහස මැද ජීවත් වන දරුවා ආදරය දැක්වීමට ඉගෙන ගනියි 

 
දිරිගැන්වීම මැද ජීවත් වන දරුවා විශ්වාසය ඉගෙන ගනියි 

 
සත්‍යය මැද ජීවත් වන දරුවා සාධාරණත්වය ඉගෙන ගනියි

 
ප්‍රශංසාව මැද ජීවත් වන දරුවා අගයකිරීම ඉගෙන ගනියි

 
සහයෝගය මැද ජීවත් වන දරුවා අනුන් ගැනත් සිතීම ඉගෙන ගනියි

 
දැනුම මැද ජීවත් වන දරුවා බුද්ධිමත් බව ඉගෙන ගනියි

 
සතුට මැද ජීවත් වන දරුවා ආදරය සහ අලංකාරය හඳුනා ගනියි

අණක් නැති පනත් !

Thursday, November 3, 2011

ඔබ - යමක් විවෘත කළේ නම් එය වසා තබන්න.

ඔබ - අතින් යමක් වැරදුනේ නම් එය නිවැරදි කරන්න.

ඔබ- යමකට අසමත් නම් සමත් අයෙකුගේ සහාය ලබාගන්න.

ඔබ - යමක් ණයට ගන්නේ නම් එය ආපසු දෙන්න.

ඔබ - යමක් පාවිච්චි කරයි නම් එය ආරක්ෂා කරන්න.

ඔබ - අතින් යමක් අපිරිසිදු වූයේ නම් එය පිරිසිදු කරන්න.

ඔබ - යමක් ගන්නේ නම් ආපසු නිසි තැන තබන්න.

ඔබ - අනුන්ගේ යමක් ගන්නේ නම් හිමිකරුගේ අවසරය ලබාගන්න.

ඔබ - ඔබටම අයත් කටයුතු ගැන පළමුව සිතන්න.

ඔබ - ප්‍රශ්නයකට මැදි වූ විට ඉවසීමෙන් විසඳුම් සොයන්න.

ඔබ - ඔබ ම වන්න.



උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

අහන් ඉන්න අහගෙන ඉන්න - They are differently abled. Not Disable

Tuesday, November 1, 2011

අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා... මේ ගීතය ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා ඇති බව මම හිතනවා. ගීතයට අයිතිකරුවන් දෙදෙනෙකු සිටියත් මේකලා ගමගේ සොයුරිය ගායනා කරන මෙම ගීතය මම හිතනවා යම් විශේෂයක් එක් කල හැඟුම්බර ගීතයක් කියලා. ඔබත් රස විදලා බලන්න...




අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා
මගෙ හිත..මොනවද..මුමුණනවා....

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා

මගෙ හිත..මොනවද..මුමුණනවා....
 

ගායනය : මේකලා ගමගේ
සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
පද රචනය :‍ සෝමලතා හේරත් මැණිකේ 


They are differently abled. Not Disable

ජීවිතයට ඔවදනක්

Tuesday, October 25, 2011

එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින් 

ඉඳගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
 
කන්න - ඔබට ප්‍රමාණවත් තරම්

 
බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නො වන දෙයක්

 
ලියන්න - දැනුමත්, වින්දනයත් ලබා ගත හැකි නිර්මාණයක්

 
කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්

 
කතා කරන්න - ප්‍රයෝජනවත්, අවශ්‍යදෙයක් පමණක්

 
සිනහවන්න - සමච්චලයට නොව අවංක හදවතින්ම

 
කියන්න - අයහපත් නො වන ඕනෑම දෙයක්

 
අහන්න - කියන්නා කෙසේ වෙතත්, සිහිබුද්ධියෙන්, ඕනෑකමින්

 
බලන්න - දෙනෙතට මනසට ප්‍රියකරන යමක්

 
ඉන්න - කිසිවිටක කිසිවෙකුට කරදරයක් නො වන සේ

 
අඳින්න - පිරිසිදුව, චාම්ව, සංස්කෘතියට ගැලපෙන සේ

 
ඉගෙනගන්න - හැමවෙලාවේම වටිනා යමක්

 
පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන්

 
උත්සාහ කරන්න - උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නොමැති නිසා

 
සෝදන්න - අනික්වා මෙන්ම හදවතත්

 
ඉතිරිකරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්

 
නිදාගන්න - විරාමයක් ලබාගන්න පමණක්

 
නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු මෙන්

 
ඇවිදින්න - බලන්න, ඉගෙන ගන්න බොහෝ දේ ඇති නිසා

 
යන්න - යා යුතු මග ඉදිරියට නොබියව

 
හදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකු

 
මැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ මනුෂ්‍යයකු ලෙස සතුටින්



උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

දිගු දෑස දුටුවාම.....

Friday, October 14, 2011

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද....


පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද....
 
ගායනය : රොමේෂ් සුගතපාල

වසරක මතක සටහන්.....

Saturday, October 8, 2011


විශ්ව විද්‍යාල ජීවිතයේ වසරක මතක සටහන් රූප පෙළකින් ඉදිරිපත් කරන්න බලවත් ආශාවක් කාලයක් තිස්සෙම තිබුණා ඒ වුණාට ඒක නිර්මාණය කරන්න වෙලාවක් තිබුණෙ නෑ.

වසරක අධ්‍යයන කාලයක් ඉවර වෙලා නිවාඩු ලැබුණ නිසා වසරක මතක සටහන් අලලා රූප පෙළක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා......

පාසල් කාලය අවසන් කරලා තවත් වසරක් විතර ගෙදර ඉදලා කැම්පස් ආවම.....
ඒක (කැම්පස් ) වෙනම ලෝකයක් වෙනම ජීවිතයක් වෙනම සංස්කෘතියක් .... තේරුම් ගන්න ටික කලක් යනවා..

ඒ ටික කාලය තුල

අපි
ගොඩක් දේවල් ඉගෙන ගන්නවා...
විවිධ යහලුවෝ අඳුන ගන්නවා.....
සම්බධතා ගොඩනැගෙනවා.....
ගමන් බිමන් රටතොට සංචාර වැඩිවෙනවා ( Trip නම් වැඩිද මන්දා )

මේ ඔක්කොම කරන ගමන් ඉගෙන ගන්නත් ඕන lolz...........

මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ වසරක මතක සටහන් වලට අපි ඒකේදි කරපු සහභාගි වුණු විවිධ අවස්ථා , අමතක නොවන අවස්ථා සහ ගියපු සංචාර ඇතුලත් වෙනවා..




රූප පෙළට ඡායාරූප ලබා දුන් සියලු දෙනාට මගේ ස්තූතිය.


රෑ සිහිනෙන් ඔබ........

Thursday, September 29, 2011

රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා

මේ බැඳුනු සෙනේ
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අපි තනිවෙන්නේ....


රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා


ඈ සනසවමින්
මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ...
කිමද...


රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා




රෑ සිහිනෙන් කියන්නේ නාමල් උඩුගම ගායනා කරන ලස්සන සිංදුවක්. නව පරපුරේ ජනප්‍රියම ගායකයෙක් වන ශිහාන් මිහිරංග මේක අලුතෙන් ReMake එකක් විධියට ගායනා කලා. මම හිතන්නේ ඒ උත්සාහය ගොඩක් සාර්ථකයි.








මගේ කතාව - ස්ටීව් ජොබ්

Sunday, September 25, 2011



ඇපල් Ipod, Iphone ,I phone 4 , IPad ලෙස ඉතාමත් ජනප්‍රිය නව නිපැයුම් ලොවට දායාද කලා. අද ඇපල් කියන්නේ එක කලාවක් , එක සමාජ සන්කේතයක් වෙලා.මේ වගේ සමාජ වාතාවරණයක් හදල දුන්නේ ස්ටීව් ජොබ් (Steve Jobs) තමයි. ඇපල් සමාගමෙන් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් මොහොතේ සිට ඔහු ගැන මුලු ලොවම කතා කරනවා...


නමුත් මෙයාගේ ජීවිත කතාවනම් අපිට ගොඩක් දේවල් කියල දෙන චරිතාපදානයක්. ඉතාම දුප්පත් සමාජ වටපිටාවකින් තමන්ගේ ජීවන ගමන පටන් අරන් ලෝකයට අලුත් පාරක් පෙන්වන්න Steve jobs මහත්මයා ගත්ත උත්සාහය අපි කාටත් හොද ආදර්ශයක්. අද ඇපල් කියන්නේ සල්ලි කාරයින්ගේ භාණ්ඩයක් උනාට ඇපල් අයිතිකාර  ස්ටීව් ජොබ්
මහත්මයා ඉතාම අමාරුවෙන් ජීවිතය පටන් ගත්ත පුද්ගලයෙක්.

ඔහුගේ ජීවිත කතාව වරක් ස්ටැම්ෆර්ඩ් විශ්වවිදය්‍යලයේ 114 වෙනි සංවත්සරය (2005 ජුනි 11) සමරමින් කරන ලද ආරම්භක දේශනය තුල අන්තර්ගත වී තිබුණා.

ලොවක් මවිත කල ඔහුගේ ඒ ආරම්භක දේශනය අපි දැන් ඇහුන්කම් දෙමු
......................................................


ලෝකයේ තිබෙන හොදම විශ්වවිද්‍යාල  වලින් එකක් වන ඔබගේ  උපාධි ප්‍රධානෝත්සවයට  සහභාගී වීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මම කවදාවත් උපාධියක් ලබාගෙන නෑ. උපාධියකට කිට්ටුවටම පැමිණි පළමු  අවස්ථාව මෙයයි. මගේ ඡීවිතයේ  කතා තුනක් මම  අද ඔබට කියනවා. එච්චරයි. ලොකු දෙයක් නෙවෙයි. කතා තුනක් විතරයි. 

පළවෙනි එක තිත් යා කිරීම පිළිබදවයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට පලවෙනි මාස හයෙන් පස්සේ මම ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයෙන් විසි වුණා. ඇත්තටම විසි වෙලා යන්න කලින් මම තවත් මාස 18ක් විතර වැනී වැනී හිටියා. ඇයි මම විශ්වවිද්‍යාලයෙන් විසි වුණේ?

ඒක පටන් ගත්තෙත් මම උපදින්නටත් පෙර මගේ ඡීවවිද්‍යාත්මක අම්මා තරුණ කසාද නොබැදපු  උපාධිධාරි ශිෂ්‍යාවක් වුණා. ඉපදුනාට පස්සේ මා හදාගන්න දෙන්න ඇය තීරණය කළා. දිනකදී මාව හදාගන්නා අය උපාධිධාරීන් විය යුතු බව ඇය තීරණය කර තිබුණා.  ඉපදුනු වහාම මාව නීතීඥයන් යුවලකට හදා ගැනීමට දිමට සියළු දේ සූදානම් වී තිබුණා. නමුත් අවසාන වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුනේ ගැහැණු ළමයෙක්. මා ඉපදුනු රාත්‍රියේ මෙන්න මෙවැනි දුරකථන ඇමතුමක් මා හදා ගත් දෙමාපියන්ට ලැබි තිබුණා. අනපේක්ෂිත විදිහට පිරිමි ළමයෙක් ලැබිලා තිබෙනවා. ඔබලාට ඔහුව ඕනද? දිනක මා විශ්වවිද්‍යාල යවන බවට දැඩි පොරොන්දුවකින් පසුව මගේ ඡීවවිද්‍යාත්මක අම්මා මාව හදාගන්න දීල තියෙනවා.

ඉතින් මං විශ්වවිද්‍යාලට ගියා. මගේ අධ්‍යාපනයට මධ්‍යම පාන්තික මගේ දෙමාපියන් ඔවුන් උපයන හැම සතයක්ම වැය කළා. විශ්වවිද්‍යාල ඡීවිතය මාස 06කට පසුව මට ඒකේ කිසිම වටිනාකමක් පෙනුනේ නැහැ. මේ ඡීවිතේ මං කරන්න අවශ්‍ය  දේ ගැන මට අදහසක් තිබුනේ නැහැ. ඒක හොයාගන්න විශ්වවිද්‍යාලයෙන් උදව්වක් ලැබෙන බව පෙනුනෙත් නැහැ. මගේ අහිංසක දෙමාපියන් ඡීවිතයේ උපයාගත් සල්ලි මා වෙනුවෙන් වැය කරමින් හිටියා. මගේ වැඩ මංම කරගන්නවා කියලා මංම විශ්වවිද්‍යාලයෙන් අයින් වුණා. ඒ වෙලා‍වේ මං ගොඩාක් බය වුණා. නමුත් අද මං ආපස්සට බලද්දි මා ගත් තීරණවලින් හොදම එකක් වන බව මට දැනෙනවා. විශ්වවිද්‍යාල අයින් වූ පසුව මා කැමති දේශන වලට සහභාගී වීමටත් අකමැති දේශන සහභාගී නොවීමටත් මට හැකි වුණා.

ඒ ඡීවිතේ සුන්දර එකක් වුනේ නැහැ. මටම කියා නේවාසික කාමරයක් තිබුනෙත් නැහැ. යාළුවෙකුගේ කාමරේ බිම තමයි නිදා ගත්තේ. පරණ කොකා කෝලා බෝතල් එකක් සත 5කට එකතු කරලා දීලා තමයි කෑම කන්න සල්ලි හොයා ගත්තේ. හැම ඉරිදම හැතැම්ම 07ක් දුර පයින් ඇවිදලා හරේ ක්‍රිෂ්ණා කෝවිලට ගිහින් තමයි හොද ආහාර වේලක් ගන්නේ. මම ගොඩාක්  කැමැත්තෙන් මේක කලා. මේ දවස්වල මා දුටු දේවල් , මා කළ දේවල් මගේ කුතුහලය, මා සතුව තිබූ සහඡ බුද්ධිය පසුකාලීනව මගේ ඡීවිතයේ අමිල දේවල් බවට පත්වුණා. මම ඔබට උදාහරණයක් දෙන්නම්. රීඩ් විශ්වවිද්‍යාලය ලස්සනට අත් අකුරු ලිවිමේ කලාව ඒ දිනවල හොදින්ම ඉගැන්නුවා. 


සමහර විට ලෝකෙ මේ සම්බන්දව හොදම විශ්වවිද්‍යාලය රීඩ් වෙන්නත් ඉඩ තිබුණා. කැම්පස් එකපුරා අලවා තිබූ පෝස්ටර්, හැම ලාච්චුවකම ලේබලය ලස්සනට අත් අකුරු වලින් ලියලා තිබුණා. මම ඉවත් වි සිටි නිසා සාමාන්‍යල  විදිහට දේශන ශාලාවට යන්න මට සිද්දවෙලා තිබුනේ නැහැ. අත් අකුරු  පන්තියකට යන්න මම තීරණය කළා. විවිධ වූ අකුරු වර්ග ගැන, අකුරු අතර තිබිය යුතු පරතරය ගැන, අත් අකුරු ලස්සන වෙන්නේ කොහොමද යන්න ගැන මම ඉගෙන ගත්තා. ඒක හරිම ලස්සන ඓතිහාසික, කලාත්මක සියුම් ක්‍රමයක් වුණා. විද්‍යාවට හසුකර ගැන්මට අපහසු වූ මෙය මගේ සිත් ඇද බැද ගත්තා.

නමුත් මගේ ඡීවිතේ ප්‍රායෝගිකව මම මෙය පාවිච්චි කලේ නැහැ. නමුත් වසර 10 කට පසු අපි මැෂින්ටොෂ් පරිගණකය සැලසුම් කරන විට මේ හැමදේම මට ආයේ මතක් වුණා. ඒ ලස්සන අත් අකුරු ලිවීමේ කලාව මැක් පරිගණකයේ එසේම තිබුණා. ලෝකේ ලස්සනම අකුරු සහිත පරිගණකය මැක් වුණා. එදා මා විශ්වවිද්‍යාලයේදී එම පාඨමාලාව හදාරා නොතිබුණානම්  මැක් පරිගණකයයේ ලස්සන යතුරු ලියන ක්‍රමයක් නොමැති වීමට ඉඩ තිබුණා. වින්ඩෝව්ස් මැක් වලින් කොපි කරපු නිසා ලෝකයේ කිසිම පරිගණකයක එය නොතිබීමට ඉඩ තිබුණා. මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් නොවූවානම් අහම්බෙන් දුටු අත් අකුරු පන්තියට සහභාගී නූනානම් පුද්ගලික පරිගණක අද තියෙන තරම් ලස්සනට යතුරු ලේඛනය නොකිරීමට ඉඩ තිබුණා. මා විශ්වවිද්‍යාලයේ  සිටියදී අනාගතය දෙස බලාගෙන තිත් යා කිරිම නොහැක්කක්  වුනත් අවුරුදු 10 කට පසුව අතිතය දෙස බලාගෙන මට ඒක කරන්න පුළුවන් උනා.

ඔබට මට පැවසීමට ඇත්තේ ඉදිරිය බලාගෙන තිත් යාකළ නොහැකියි. ඔබට එය කල හැක්කේ ආපසු බලමින්මයි. එම නිසා  මේ තිත් කෙදිනක හෝ ඔබේ ඡීවිතයේදී  සම්බන්ධ වන බව ඔබ විශ්වාස කල යුතුයි. කිසියම්ම  හෝ දෙයක් ඔබ දැඩිව විශ්වාස කළ යුතුයි. ඔබගේ  ආත්මවිශ්වාසය, ධෛර්ය, කර්මය මොකක් වුනත් කමක් නැහැ. මෙලෙස සිතීම මගින් මා ඡීවිතයේ කවදාවත්  නොවැටී සිටියා හා මගේ ඡීවිතයේ සියලු වෙනස්කම්  උනත් මං එහෙමම ඉන්න පුවවන් උනා.

මගේ දෙවැනි කතාව ආදරය හා නැතිවීම පිළිබදවයි.

මම ගොඩාක් වාසනාවන්ත වුණා.තරුණ කාලේදීම මා කැමති දේ කිරීමට මට ලැබුණා. ඇපල් පරිගණක සමාගම මට  අවුරුදු  20 දී මගේ දෙමාපියන්ට අයත් ගරාජයේ මං පටන් ගත්තා. අපි මහන්සි වෙලා වැඩ කළා. අවුරුදු 10කින් ගරාජයේ  වැඩකළ දෙදෙනාගෙන් පටන් ගත් සමාගම  4000 ක් දෙනා වැඩ කරන ඩොලර් බිලියන 2 ක් වටින කොම්පැණියක් බවට පත් වුණා. අපගේ පළමු නිර්මාණය මැකින්ටොෂ් අවුරුද්දකට කළින් නිකුත් වෙද්දී මට අවුරුදු 30 වුණා පමණයි. ඉන්පසු මාව අස්කළා. මා විසින්ම පටන්ගත් කම්පැණියෙන් මාව අස්කරන්නේ  කොහොමද? ඇපල් පරිගණක ව්‍යාපාරය  වර්ධනය වන විට දක්ෂයි කියා මා විශ්වාස කළ අයකු කම්පැණිය පවත්වාගෙන යෑම සදහා මා කුලියට ගත්තා. පළමුවැනි වසරක කාලයකදී විතර හැමදේම හොදින් සිදුවුණා. අනාගතය ගැන අපගේ දැක්මන් එකිනෙකට වෙනස් වීමට  පටන්ගත්දා පටන් අපි විරසක වුණා. අධ්‍යක්ෂක මණ්ඩලය ඔහුගේ පාර්ෂවය ගත් පසු මා ඉවත් වුණා. ප්‍රසිද්ධියේ ඉවත් වුණා. වැඩිහිටියකු ලෙස මගේ ජීවිතයේ හොදම කාලය ගෙවී ගොස් තිබුණා.

මාස  කිහිපයක් යන තුරු කරන්නේ කුමක්දැයි කියා මා ඇත්තටම දැන සිටියේ නෑ. ව්‍යවසායකයන් මා නිසා අපහසුතාවයට  පත්වුණු බව මට දැනුණා. මට ලැබුණු යෂ්ඨිය මා බිම දමා ඇතැයි මට හිතුණා. අප සමග සම්බන්ධ වූ අය මුණගැසී මා ඔවුන්ගෙන් සමාව ගත්තා. ප්‍රසිද්ධියේ අසාර්ථක වීම නිසා ගෙවල් දොරවල්  හැරදමා යන්න හිතුණා. නමුත් යමක් මගේ ජීවිතයේ සෙමින් ආලෝකමත් කරමින් තිබුණා. මම කරන දේට මම තවමත් ආදරයෙන් සිටියා. ඇපල් පරිගණක සමාගමෙන් මා අස්කිරීම  මගේ ප්‍රියතම විෂය කෙරෙහි බලපෑමක් ඇති කළේ  නෑ. මාව ප්‍රතික්ෂේප වී තිබුණා. නමුත් මා තවමත් ආදරයෙන් සිටියා. ඉතිං මං අලුතින්ම පටන් ගන්න තීරණය කළා.

එදා මට තේරුණේ නෑ. ඒත් ඇපල් පරිගණක සමාගමෙන් මාව අස්කිරීම මට සිද්ධ වුණු  හොදම දේ කියා මට අද හිතෙනවා. සාර්ථක වී සිටීමේ බර නව ආරම්භකයකුගේ සැහැල්ලු බවින් පිරවී තිබුණා. හැමදේම ගැනම අඩුවෙන් විශ්වාසය තිබුණා. මේ මානසිකත්වය මගේ ජීව්තයේ වඩාත්ම නිර්මාණාත්මක කාලය වෙත තල්ලු කළා.


මීළග වර්ෂ පහේදී මං අලුත් කොම්පැණි දෙකක් ආරම්භ කළා. එකක් NeXT අනෙක Pixar. මං ආදරේ කරන්න පටන් ගත්තා කෙනෙක්ට. මගේ බිරිද වෙන්න සුදුසු. Pixar ලෝකයේ පළවෙනි පරිගණක සජීවිකරණ චිත්‍රපටය Toy Story නිපදවන්න සුදානම් උනා. දැන් ලෝකයේ  සාර්ථකම පරිගණක සජීවීකරණ චිත්‍රාගාරය වන්නේ එයයි. දෛවයේ සරදමකින් පසුව ඇපල් පරිගණක සමාගම විසින් NeXT සමාගම මිළදී ගැනීමත් සමග මා නැවතත් ඇපල් පරිගණක  සමාගම සමග එක් වුණා. අපි NeXT වලින් දියුණු කළ තාක්ෂණය අද ඇපල් පරිගණක වල හදවත බදුයි. මේ හැමදේමත් එක්ක මම සාර්ථක පවුල් ජීවිතයකට උරුමකම් කිව්වා.

මට ගෝඩාක්ම විශ්වාසයි මාව ඇපල් පරිගණක සමාගමෙන් අස් නොකළා නම් ඉහත කිසිවක් සිදු නොවීමට ඉඩ ‍තිබුණා. ඒක හරිම අමිහිරි ඖෂධ පරීක්ෂා කිරීමක් වැනියි. නමුත් ලෙඩා සුවවීමට ඒක අත්‍යාවශ්‍ය නම් වෙන කිරීමට කිසි දෙයක් නෑ.

සමහර වෙලාවල් වලට ජීවිතය ඔබේ ඔලුවලට ගඩොලකින් ගසනවා. තමංකෙරේ විශ්වාසය නැතිකරගන්න එපා. මම විශ්වාස කරනවා මට මොන විනාශය උනත් මාව ඉදිරියට ගෙනාවේ මං කරන දේට මං ආදරේ කළ නිසා කියලා. ඔබ වඩාත්ම කැමැත්තෙන් ආදරයෙන් කරන දේ ඔබම සොයාගත යුතුයි. 100% තෘප්තිමත් වීමට නම් ඔබ වඩාත්ම කැමති දේ හොයා ගන්න වෙනවා. නවත්තන්න එපා. තව හොයන්න. ඔබට එය ලැබුණු පසු ඔබගේ හදවතට එය දැනේවි. හරියට හොද බැදීමක් වගේ කාලයක් එක්ක එය හොදින් හොදම වේවි. ඉතින් දිගටම හොයන්න. ඔබට හම්බවෙනකං.  නතර වෙන්න එපා.

මගේ තුන්වෙනි කතාන්දරය මරණය ගැනයි.

අවුරුදු  17 දී මට එක කියමනක් කියවන්න ලැබුන මතකයි. “අද ඔබගේ ජීවිතය අවසාන දිනය කියා ඔබ හිතුවොත් එක් දිනක ඔබ අනිවාර්යෙන් නිවැරදි විය හැකියි”. මේ කියමන මා වෙත විශාල බලපෑමක් කළා. එදා ඉදං පසුගිය අවුරුදු 33 දීම මං හැමදාම උදේට කන්නාඩිය ඉස්සර හට ගිහිං මගෙන්ම ඇහුවා, අද මගේ ජීවිතයේ අවසාන දවස නං, මං අද කරන්න යන දේවල් කරන්න ඕනද කියලා. දින කිහිපයක්ම  උත්තර  “නෑ”  කියන කොට මම යමක්වෙනස් කරන්න තියෙනවා කියා මම හිතුවා. මම දිනක මං මැරෙනවා කියා හිතුවා. ඒක ජීවිතයේ මට ලැබුණ වටිනාම දේ කියා මට අද හිතෙනවා. ඒ නිසාම ජීවිතයේ ගොඩාක් ලොකු තෝරා ගැනීම් කරන්න මට පුලුවන් වුනේ. 


මොකද කියනවා නම් සියලුම දේ, හැම බාහිර  බලාපොරොත්තුවක්ම,  හැම ආඩම්බරකමක්ම,  හැම බයක්ම, හැම නින්දාවක්ම, අපහසයක්ම,  හැම අසාර්ථක කමක්ම,  මරණය අභියසදී වැදගත් කමක් නැති දේවල් වෙනවා. සත්‍ය  වශයෙන්ම  වැදගත් වන්නේ යමක්ද එය පමණයි ඉතිරි වෙන්නේ. දිනක ඔබ මැරෙනවා කියා හිතන සිතුවිල්ල තමයි  ඔබට යමක් නැති වෙනවා කියා හිතන සිතුවිල්ලට තියෙන හොදම බෙහෙත . ඔබ දැනටමත්  නිරුවත්. ඔබගේ හදවත පිළි නොපැදීමට කිසිම හේතුවක් තවත් ඉතිරි වී නෑ.

අවුරුද්දකට කළිං මට අග්න්‍යාශයේ පිලිකාවක් තියෙනවා කියා  වෛද්‍යවරු නිගමනය කලා. අග්න්‍යාශය කියන්නේ මොකද්ද කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. මට උදේ 7.30 එක ස්කෑන් පරීක්ෂාවක් කළා.  මගේ අග්න්‍යාශයේ ගෙඩියක් තියෙනවා පැහැදිලිව පෙනුනා. පිලිකාව  කියන එක ගැන මං දැනගෙන හිටියෙවත් නෑ.‍  වෛද්‍ය වරුන්ගේ  මතය උනේ ඒක මාරාන්තික  පිළිකාවක්  බවත් මාස 03,06 කට වඩා  කාලයක් මට ජීවත් විය  නොහැකි බවත්. මගේ වෛද්‍යවරැ කිව්වා  ගෙදර ගිහිං  මගේ සම්භන්ධ කම්  පිලිවෙලට  හදා ගන්න.  ගෙදර ගිහිං විවේක  ගන්න කියා. වෛද්‍ය භාෂාවෙන්  මැරෙන්න ලෑස්ති වෙන්න කියන්නේ එහෙමයි. ඒකේ තේරුම ඉදිරි අවුරුදු දහය ඇතුලත මං මගේ ළමයින්ට කියන්න ඕන දේ මාස තුනෙන් කියන්න ඕන කියලා. එහෙම නැත්තං හැමෝටම ගුඩ්බායි කියන්න කියලා.

මම ඒ ලෙඩේ එක්ක දවසක්ම ජීවත් උනා. පසුව නැවත හවස මා විශේෂ පරීක්ෂාවක් කලා. මගේ අග්න්‍යාශයේ සෛල කීපයක් ගෙන ඒවා අන්වීක්ෂයෙන් පරීක්ෂා කරමින් තිබුනා. මම බාගෙට මැරිලයි හිටියේ. එතන හිටපු මගේ නෝනා පස්සේ මට කිව්වා ඒ ගත්තු සෛල අන්වීක්ෂයෙන් බලලා දෙස්තරලා ඇඩුවා කියලා. මොකද මට තිබිලා කියෙන්නේ ඉතාමත්ම කලාතුරකින් හමු වන අග්න්‍යාශ පිළිකාවක්. ඒක ශල්‍යකර්මයකින් සුව කල හැකියි. මම ඒක කලා. දැං 100%ක්ම සනීපයි.
මරණය සමීපයටම මා ගිය පළමු අවස්ථාව මෙයයි. තවත් දශක කීපයකට එය එසේ නොවනු ඇතැයි මම සිතනවා. මේක උනාට පස්සේ මට ඔබට වඩාත් විශ්වාසයෙන් මෙහෙම කියන්න පුවවන්. මරණය කියන්නේ සත්‍ය වශයෙන්ම බුද්ධි විෂයක කරුණක්.

කිසිම කෙනෙක්ට මැරෙන්න ඕන නෑ. දිවියලොකේ යන්න ඉන්න අයටවත් එහෙ යන්න මැරෙන්න කැමති නෑ.අපි හැමදෙනාම බෙදා හදා ගන්න නැවතුම් පළ තමයි මරණය. කාටවත් ඉන් ගැලවීමක් ලැබී නෑ. ඒක එ‍සේම  විය  යුතුයි.   මොකද ජීවිතේ  හොදම සොයා ගැනීම  මරණය නිසා.  මරණය  තමා ජීවිතයේ වෙනස්  කරන නියෝජිතයා. පරණ දේ  ඉවර කරල අලුත්  දේකට  පාර කපන එක මින් සිද්ධ  වෙනවා. අද ඔබ අලුත්. නමුත් තව ටික  කාලෙකින්,  අද  ඉදං  බොහෝ දුර නොවේ, ඔබ පරණ වෙනවා ක්‍රමයෙන්. සහ ඉවත් වෙන්න වෙනවා.  කතාව  නාට්‍යයමය  නම්  මට   කනගාටුයි. නමුත්  ඇත්ත ඒකයි.

ඔබට ඇති කාලය සීමිතයි. වෙන කාගෙවත් ජීවිත ජීවත් වෙන්න ගිහිං ඔබ ඒ කාලය විනාශ කර ගන්න එපා. අනෙක් මිනිසුන් ගන්නා තීරණ අනුව වැඩකරන්න ගිහිං  ජීවිතයට කොටු වෙන්න එපා. ඔබගේම හදින් හැගෙන හඬ අනෙක් මිනිසුන්ගේ හඬින් යටපත් වෙන්න දෙන්න එපා. වඩාත්ම වැදගත් දේ ඔබගේ හදවත පිළි පැදීමටත්, සහජ බුද්ධිය පාවිච්චි කිරීමටත්, ධෛර්ය තියා ගන්න. ඔබට වෙන්න ඕන කවුද කියා ඔවුන් දැනටමත් දන්නවා. අනිත් හැමදේම වැදගත් කමක් නෑ.

මගේ තරුණ කාලේ අද්විතීය පොතක් තිබුණා. මගේ පරම්පරාවේ  බයිබලය උනේ ‍‍මේ “The whole Earth Catalog” කියන පොත.  මේක කරපු  Stewart Brand කියන කෙනා කවි වලින් මේ පොත සැරසුවා. මේ 1960 දශකයේදී පරිගණක එන්න ඉස්සර වෙලා. මේකේ සියලුම දේ අතින් නිමකර තිබුණා. මේක හරියට අද Google වගේ. Google නැතිව තිබුණ අවුරුදු 35 ට පෙර මේ පොත නැවුම් අදහස් පිරුණූ, දෝරගලා යන තාක්ෂණයන්ගෙන් සමන්විත උසස් කෘතියක් උනා.


මේ පොතට අදාළ පාඨමාලාව ඉවර වෙනකොට ඔහුගේ මේ පොතේ අවසාන සංස්කරණ ඉදිරිපත් කලා. ඒ 1970 ගණන්වල මැද. මං ඔබගේ වයසෙ ඉන්න කොට. පොතේ පිටුපස කවරයේ පිංතූරයක් තිබුනා. අරුණෝදය දැක්වෙන ගමේ පාරක්. ඔබ අවදියන් නම් අදින් ඇරඹෙන ඔබගේ අනාගතයත් මෙන්න මෙ වගේ තැනක්. මේ පිංතූරයට යටින් එක කියමනක් තිබුණා. ඒක තමයි බඩගින්නෙ ඉන්න, මෝඩවෙලා ඉන්න,

( Stay hungry,Stay foolish) කියා. මම හැමදාම මගේ ජීවිතේ එහෙම කලා. අද උපාධිය ලබන ඔබ අලුත් ජීවිතයක් පටන් ගන්නයි යන්නේ. ඒ නිසා මට ඔබටත් කියන්නෙ බඩගින්නෙ ඉන්න. මෝඩ වෙලා ඉන්න. 
( Stay hungry,Stay foolish)

ස්තුතිය.


සිංහල උපුටා ගැනීම - http://arunasir.wordpress.com
( සිංහල පරිවර්ථනයේ අයිතිය කතෲ සතුය. )

ස්ටීව් ජොබ් මහත්මයාගේ ජීවිත කථාව ඉංග්‍රීසියෙන්
http://gizmodo.com/5301470/the-life-of-steve-jobs-+-so-far









Stay hungry,Stay foolish
බඩගින්නෙ ඉන්න. මෝඩ වෙලා ඉන්න


මොනරාගල සංචාරය

Friday, September 23, 2011


පසුගිය දවසක මොනරාගල ඉන්න මගේ යාලුවෙකුගේ ආරධනයක් මත මමත් ගියා ඒ පැත්තෙ පොඩි සංචාරයක....

 මේ තියෙන්නේ මරගල කඳුවැටිය (ශේෂ කඳුවැටියක්)

උතුරෙන් බිරම් ඇල්ලූවයි මරගලට
කතුරෙන් කපන සේමයි බීරම් සුළඟට
යතුර ලාපු ගල් දොරවල් ඇරුනාට
මිතුර නාමි දෙවි බැහැපන් මරගලට

වෙන හෙල්වලට වැඩි මරගල උතුම්කමා
එම හෙළ උසට යොත හෙළුවා හපන්කමා
ආදි සිටි අයට බැරිවිය නිවටකමා
කෝඩි තොපට දෙන දායද කිමදමෙමා

ඉහත ජනකවිවල සඳහන් ‘මරගල’ යන්න මොනරාගල කඳුවැටිය සඳහා පළමුවෙන් භාවිත කළ නාමය යි. මේ කඳුවැටිය වංස කථාවේ සඳහන් වන්නේ ‘මාරගල්ල’ යන නමිනි. එය අතීතයේ ‘මුල්සල’ නමින් හඳුන්වා ඇති අතර ඒ නම ඇසුරින් ම ‘මුප්පන’ යන වචනය ද මොනරාගල සඳහා මුලදී භාවිත කළ බව පෙනේ.

උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20110320/_art.asp?fn=ar11032013


ගලබැද්ද බිසෝ පොකුණ

12 වන සියවසේදී මනාභරන රජු විසින් අටදහස් රට පාලකයා ලෙස සිරිවල්ලභ කුමරු නම් කරන ලද බවත්  සිරිවල්ලභයන් උදුන්දොර සිට අටදහස් රට පාලනය කරන ලද බවත් මහාවංශයේ සඳහන් වේ. සිරිවල්ලභ කුමරුගේ බිසව වු සුගලා දේවියට රැකවරණය දුන් භූමිය උදුන්දොර ලෙසත් මහාපරාක්‍රමබාහුට එරෙහිව යුද්ධමය වශයෙන් සංවිධානය වීමටත් මෙම නගරයම යොදා ඇති අයුරැ මහවංශයේ දැක්වේ.

මෙහි දැක්වෙන උදුන්දොර  වත්මන් ගලබැද්ද ප්‍රදේශය බව හදුනාගෙන ඇත. සුගලා දේවිය සටනින් පැරද දළදා වහන්සේ හා පාත්‍ර ධාතුන් වහන්සේද රැගෙන උරුවෙලාව ට පැන ගියාය. එය වර්ථමානයෙහි ඇතිමලේ කොටස විය යුතු බව අදහසයි. පැරකුම්බා රජුගේ සටන් රැසැක්ම අටදහස් රටෙහි දී සිදුවී ඇති බව මහාවංශය දෙස් දෙයි.



බිසෝ පොකුණ
මෙය සුගලා දේවියගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන්නට ඇත.
මෙය ප්‍රයෝජනය පොකුණෙහි දිශා 4 කින් ජලය එන සිංහ කටවල් පිහිටා තිබේ. වැඩි ජලය ගලා යාමට පොකුණ පත්ලේ කුඩා සිදුරක්ද පිහිටා ඇත.


මමත් ඉතින් පොකුණට බැස්ස හැබයි වතුර නම් නෑ
නමුත් වර්ෂා කාලයට පොකුණට වතුර එනවා. (සිංහ කටවල් 4 න්)









බිසෝ පොකුණට යාබදව පොලොන්නරු යුගයට අයත් වැසිකිලියක්ද දක්නට ලැබුණා. මෙය බිසවගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන්නට ඇත.







 
ගලබැද්ද ශ්‍රී සුජාතාතාරාමය පුරාණ විහාරය



මොනරාගල ඉන්න මගේ යාලුවා "සසිත"..     බොහොම ස්තූතියි මචං

අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..

Thursday, September 8, 2011

අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..
අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..

මම තරුණ වයසෙ හැන්ඩ්ස්ම් කොල්ලෙක්
හොයාල දෙන්නකෝ හොට් ඇන්ඩ් සෙක්සි කෙල්ලෙක්..
මෙඩිකල් චෙක් කරලා කැරැක්ටරෙත් හොයලා
මා සනසන්නකෝ වෙඩින් එකත් කරලා..අනේ

අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..//

උස වෙන්නත් හොද නෑ කොට වෙන්නත් හොද නෑ..
මාගෙ හයිට් එකට සෙට් වෙන්නම ඕනා..
කළු වෙන්නත් හොද නෑ සුදු වෙන්නත් හොද නෑ
මොනව වුනත් මට ඉක්මනටම ඕනා..

අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..//

අනේ පොල් ගස් ඕනැම නෑ දෙල් මට ඕන නෑ
කොළඹ 7 මහ ගෙදරයි පූල් එකයි ඕන

අනේ පොල් ගස් ඕනැම නෑ දෙල් මට ඕන නෑ
කුරුඳුවත්තෙ මහ ගෙදරයි පූල් එකයි ඕන

ක්‍රෙඩිට් කාඩ් ඕන බිල් ගෙවන්න මට නම් බෑ
එයාගෙ අකමැත්තක් නැත්නම් තව කෙනෙකුත් ඕන...අම්මී
 
අම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට..//

අම්මා.....

පුතණ්ඩි ......................

Friday, August 26, 2011

කාලෙකින් අහපු අමුතුම තාලෙ ඇත්ත කතාවක් ගැන කියන සිංදුවක්
මේ සිංදුව අපේ ජීවිතේ ......  කාලය ගැන වෙනස් විදියකට බලන සිංදුවක්
බලන්න හැබෑ ජීවිතෙත් මෙහෙම වෙනවද කියලා....


අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි ‍කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...

ගාලු මුවදොරේ සිමෙන්ති බංකු පවා සාක්කි..
අපි දෙන්නගේ පෙම් කතාව මුහුදු සුළඟ කියාවි
බේරෙ වැවේ මැද රවුමේ ලී බංකුත් සාක්කි..
අපි දෙන්නගේ  පුංචි රණ්ඩු අදටත් එහි ඇසේවි

මැණිකේ මැණිකේ අපේ පුතත් එහි ගියොතින් ඌට ඒවා ඇසේවි


අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි ‍කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...

වා සුළියේ අත් පටලා පිය මැන්නා හිතු මතේ
තුරුල් වෙවී සිනාසිසී ගස්මුල් වල වාඩිවී
සිනමාහල් වලට ගිහින් බයිස්කෝප් බලද්දී
මතකද මැණිකේ ඔයාගෙ මුහුණ මෙ මම සිබිද්දී 


මැණිකේ මැණිකේ අපේ පුතත් එහි ගියොතින් ඌත් ඒවා කරාවි

අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි ‍කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...

මහේෂ් ඩිල්ෂාන්





ඔබ ගාව මම ඉන්නෙමි.........

Wednesday, August 24, 2011

 
ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී

ඔබ ගාව මම ඉන්නෙමි..............

මෙලෙසේ දිළෙන්නේ තරුසේ නිවෙන්නේ
ඔබෙගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සැසලී නොයන්නේ
ඔබෙගේ මගේ සෙනෙහේ නේදෝ

සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළදේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළදේ

මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වි ගුවනේ පියාඹන්න වේවි
අභ්‍යාවකාශ ගානේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළදේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී
 
ඔබ ගාව මම ඉන්නෙමි....................

මිල්ටන් මල්ලවාරච්චි 

කඹුරුගමුව වෙරළට තල්මසෙක්

Thursday, August 4, 2011

පසුගිය බදාදා (2011/08/03) දින වැලිගම කඹුරුගමුව ප්‍රදේශයේ මුහුදු වෙරළට මියගිය තල්මසෙක් ගොඩගසා තිබුණා. විභාගෙට පාඩම් කරන එක පැත්තක තියලා මාත් ගියා තල්මහ බලන්න.. පින්තුර කිහිපයකුත් ගත්තා.










තල්මහ අයත් වෙන්නේ ෆින් ( Fin Whale ) කියන වර්ගයටලු.නැවක වැදිලා තුවාල වෙලා තියෙනවා නම් පේනවා, මධ්‍ය ප්‍රමාණයේ තල්මහෙක්..තල්මහ දැකලා පොඩි දුකකුත් සිතට ආවා.දකුණු පලාතේ මිරිස්ස වෙරළ තීරය කොහොමත් තල්මසුන් ඩොල්ෆින් බලන්න ප්‍රසිද්ධයි.....

මගේ අම්මා

Wednesday, August 3, 2011


හදවත වේදනාවෙන් සිරකරලන මේ සිදුවීම මට තවත් දරාගත නොහැකිය. හැම රැයකම මා ඇයව සිහිනෙන් හෝ ප්‍රාර්ථනා කරන්නේ මට ඇයගෙන් සමාව ගත යුතු නිසායි. ඒත්........

මේ සිදුවීම ඇරඹෙද්දී මං හුඟක් පුංචි යි. මට ඈව මතක තිබූ කාලයේ මගේ අම්මාට තිබුණේ එක ඇසක් පමණයි.

විරූපි අම්මා කෙනෙක්. හරිම අප්‍රසන්න දසුනක්. ඇගේ තනි ඇස නිසා ඇයත් නිතරම අපහසුවෙන් හිටියේ. කෙසේ වෙතත් මං හැමවිටම ඇයව පිළිකුල් කළා.

මට මතකයි, දවසක් ඇය මගේ පාසලට පැමිණි දිනය. ඒ කාලයේ මං ඉගෙන ගනිමින් සිටියේ ප්‍රාථමික අංශයේ. ඇයගේ ආදරය නිසා ඇය මාව බලන්නට පැමිණ සිටියත් ඇය දුටු විගස මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ඒ වෙලාවේ මට හුඟක් තරහා ගියා.

අම්මා ඇයි මට මෙහෙම කරන්නේ?

ඇයගේ විරූපී මුහුණද සමගින් ඇය දැන් පාසලටත් ඇවිත්. ඒ මොහොතේ මං ඇයට වචනයක්වත් කතා කළේ නැහැ. ඒ වෙනුවට ඈ වෙත නපුරු බැල්මකින් දමා ගැසුවා.

පහුවදා පාසලේ මිතුරන් මට සරදම් කළා.

“ඊ ඊ ඊ... ඔයාගේ අම්මාට තියෙන්නේ එක ඇහැයි. ඒ මොකද ඒ?

ඒ වෙලාවේ මං හුඟක් අසරණ වුණා. මුළු ලෝකයෙන්ම සැඟවී යන්නට ඇත්නම් යැයි සිතුණා. අම්මා ඒ මොහොතේම අතුරුදන් වී යනවා නම් කොච්චර හොඳ දැයි සිතුණා.

එදා සවස මම ඇය සමඟ කතා කළේ දැඩි අමනාපයෙන්.

අම්මා ඔය හදන්නේ මාව විහිළුකාරයෙක් කරන්නද? ඇයි ඔයා මැරිලාවත් නොයන්නේ?


මගේ අම්මා කිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. මං එදා ඒ කියපු දේ ගැන දෙපාරක් හිතුවේත් නැහැ. ඒ මම එදා හුඟක් තරහෙන් සහ ලැජ්ජාවෙන් සිටි නිසා.

මට සැමවිටම අවශ්‍ය වූයේ නිවස හැර දමා යාමටයි. මට අම්මාව පොඩ්ඩක්වත් අවශ්‍ය වුණේ නැහැ.

ඒ අතරේ මං හුඟාක් මහන්සිවෙලා ඉගෙන ගත්තා. මට පිටරටකට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඊට පසු හොඳ රැකියාවක් ලැබුණා.

පසු කාලයක මං විවාහ වුණා. ගෙයක් හැදුවා. හැමදේම සාර්ථක වුණා.

මගේ බිරිය සහ දරුවන් සමඟ මගේ ලෝකය සතුටින් පිරුණා.

කාලය ගෙවී ගියේ ඒ අයුරින්.

දවසක් මගේ අම්මා මාව දකින්න පැමිණ සිටියා. මං ඇයව දුටුවේ අවුරුදු ගණනාවකින්. මගේ දරුවන් කවදාවත් ඇයව දැක තිබුණේ නැහැ.

මගේ දරුවෝ ඇය දැක බිය වුණා. ඒ අප්‍රසන්න මුහුණ, අනේ දෙවියනේ. ඇය මගේ කෝපය නංවන හැටි.

අම්මේ, ඇයි මගෙන් ඈත්වෙලා ඔයා නොයන්නේ? ආ.... කිසි වගක් නැතුව මෙහේ ඇවිත්... ඔයා මගේ දරුවන්වත් හොඳටම බය කරලා. දෙයියන්ගේ නාමෙට මෙහෙන් පිටවෙලා යන්න. මොන කරදරයක්ද මේ. එලෙස අනාරාධිතව පැමිණීම ගැන ඒ වෙලාවේ මම කෑ ගසා ඇයට බැණ වැදුණා මතකයි.

ඒත් ඒ වෙලාවේ මගෙ අම්මා පිළිතුරු දුන්නේ බොහොම සන්සුන්වයි.

“අනේ මට සමාවෙන්න. මේක වැරදීමක් වෙන්නැති. මට අංකය වැරදිලා මං හිතන්නේ. මං වැරදි ගෙයකටයි ඇවිත් තියෙන්නේ. මට සමාවෙන්න මම යන්නම්.” ඊට පසු ඇය ඉක්මනින් මගේ දෑස්වලින් ඉවත් වූ හැටි මට මතකයි.

මේ අතරේ මගේ මුල් පාසලේ ආදි සිසු හමුවක් පැවැත්වෙන බව දන්වමින් මට ලිපියක් ලැබී තිබුණි. සතුටුදායක අවස්ථාවක් වූ මෙය මගේ හිතට සැහැල්ලුවක් එක් කළා. මගේ පුංචි කාලයේ පැරැණි මිතුරන්ගේ හමුවීම මට ප්‍රීතිමත් එකක් වුණා.

ආදි සිසු හමුව නිමාවීමෙන් පසුව මා ගම්මානයේ මගේ කුඩා පැරණි නිවෙස වෙත ඇවිද ගියේ ඇයි දැයි මට තවමත් හිතාගන්න බැහැ.

මම එහි ගියා. මගේ පුංචි ගෙදර. ඒත් කිසි වටිනාකමක් නැති. අම්මා එහි හිටියෙත් නැහැ. ජරාජීර්ණ වූ පාළු ගෙය හැරදා මා ආපසු හැරී ආවා. ඒත් මගේ පැරැණිතම අසල්වැසියන් හා දුදරුවන් එහි හිටියා.

ඔවුන් මට යමක් කියන්න උත්සහ කළා.

“ඇයි?” මං ඇසුවා.

“ඔයාගේ අම්මා මැරුණා”

මං ඔවුන් ඉදිරියේ වෙනස් වීමට ලොකු උත්සහයක් ගත්තා. ඒත්, මං ඇතුළතින් පොඩ්ඩක්වත් කණගාටු වුණේ නැහැ. මට එය දැනුණේවත් නැහැ. මට සිහිවුණේ ඇගේ විරූපී මුහුණ පමණයි.

ඒ සමඟ ඔවුන් මා අතට ලිපියක් පත් කළා. මේ තිබෙන්නේ ඒ ලියුමයි.

මගේ ආදරණීය පුතේ,

මං හැම වෙලාවෙම හිතුවේ ඔයා ගැනම යි.

මට සමාවෙන්න. මේ හැම දෙයක්ම සිදුවෙන්නේ ආදරය වැඩිකමටයි. පුතේ, ඔයාගේ ගෙදර ඇවිත් පුංචි දරු පැටවු ටික බය කළාට මට සමාව දෙන්න. මං දැනගෙන හිටියා ඔයා ආදි සිසු හමුවට එන බව. අනේ මට හරි සතුටුයි.

පුතේ මට දැන් හුඟක් අසනීපයි. සමහරවිට ආයේ කවදාවත් ඔයාව බලන්න එන්න බැරිවෙයි. මං නිසා ඔයා කොච්චර ලැජ්ජාවට පත්වුණාද කියලා මං දන්නවා. මට සමාවෙන්න මගෙ පුතේ.

පුතේ, ඔයාට පුංචි දෙයක් කියන්න තියෙනවා. ඔයා ගොඩක් පුංචි කාලේ ඔයාට අනතුරක් සිද්ධ වුණා. ඒ වෙලාවේ ඔයාගේ ඇසකට හානි වෙලා ඒක ගලවා දමන්න සිදුවුණා. ඔයාගේ අම්මා ඒක කොහොම බලා ඉන්නද? එක ඇසක් සමඟ ඔයා ලොකු දරුවෙක් වෙනකොට ඔයාට දැනෙන දුක මට දරාගන්න නම් කොහොමත් බැරි වුණා. ඒ නිසයි, මගේ පුතේ, මං ඔයාට මගේ ඇහැක් දුන්නේ.

දැන් ඔයාට ලෝකය බලන්න ඇස් දෙකක්ම තියෙනවානේ.

ඒ සතුට තමයි මගේ ජීවිතය පුරාම රැඳී තිබුණේ. මගේ පුතේ, මං ඔයාට හැමදාමත් ආදරෙයි.

මම
ඔයාගේ අම්මා.


තාත්තයි මමයි

Sunday, July 24, 2011

  • මට වයස අවුරුදු 04 දී – මගෙ තාත්තට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්.
  • මට වයස අවුරුදු 05 දී – මගෙ තාත්ත නම් ඕනම දෙයක් දන්නවා.
  • මට වයස අවුරුදු 06 දී – ඕගොල්ලන්ගෙ තාත්තා වගේ නෙවෙයි. අපේ තාත්තා හරිම දක්ෂයි. එයා හරි උසත් එක්ක.
  • මට වයස අවුරුදු 08 දී – අපේ තාත්තා හැම දෙයක් ගැනම හරියට දන්නෙ නෑ වගෙයි මට හිතෙන්නෙ.
  • මට වයස අවුරුදු 10 දී – අපේ තාත්තලගෙ කාලෙ මේ හැම දෙයක් ම දැන් වාගෙ දියුණු නෑ.
  • මට වයස අවුරුදු 12 දී – අපෝ. ඒක අමුතු දෙයක් යැයි. තාත්තට ඒවා මුකුත් තේරෙන්නෙ නෑ. එයාට දැන් එයාගෙ පුංචි කාලෙ මතකවත් නැතුව ඇති.
  • මට වයස අවුරුදු 14 දී – එයාව ගණන් ගන්න එපා මචං. එයාට හණමිටි අදහස් තියෙන්නෙ.
  • මට වයස අවුරුදු 21 දී – අපේ තාත්තා. එයා පිස්සු දොඩවන්නෙ. දැන් කාලෙට ඒ පිස්සු ගැලපෙන්නෙ නෑ බං.
  • මට වයස අවුරුදු 25 දී – තාත්තා ඒ ගැන ටිකක් විතර දන්නවා. මොකද එයා හුඟක් කල් ඒවත් එක්ක වැඩ කළා නෙ. 
  • මට වයස අවුරුදු 30 දී – තාත්තගෙන් ඇහුවොත් හොඳයි වගේ. මොනවා වුණත් තාත්තට හුඟක් අත්දැකීම් තියෙනව නෙ.
  • මට වයස අවුරුදු 35 දී – අපෝ. මම නම් ඔය වැඩේට අත ගහන්නෙ නෑ. තාත්තගෙන් අහල බලල මිසක්.
  • මට වයස අවුරුදු 40 දී – මට හිතා ගන්න බෑ තාත්තා කොහොමද මේවට මුහුණ දුන්නෙ කියල. තාත්තා හරිම කල්පනාකාරී කෙනෙක්. ඕනෑ ප්‍රශ්ණයක් විසඳන නිවැරදි විදිය තාත්තා දන්නවා. 
  • මට වයස අවුරුදු 50 දී – දෙයියනේ. තාත්තා හිටියා නම්

උපුටා ගැනීම සුමති පුවත්පත් (පුද්) සමාගම පලකල දැන්වීමක්




තාත්තා ගැන තවත් ලස්සන අදහසක්

    * මං ඉපදුන දවසෙ, …………. සතුටට තාත්තට ඇඬුනලු
    * මට අවුරුදු දෙකේදි, ……… මං තාත්තගෙ අතේමලු
    * මට අවුරුදු හතරෙදි, ……… මං වැඩියෙන්ම ආදරේ තාත්තට
    * මට අවුරුදු පහේදි, ……….. ලෝකෙ හොඳම තාත්තා මගේ තාත්තා
    * මට අවුරුදු හතේදි, ……….. මගෙ තාත්තා කාටවත්ම බය නැ
    * මට අවුරුදු නවයෙදි, ……… අම්මෝ තාත්තා දන්න දේවල්
    * මට අවුරුදු දොළහෙදි, ……. තාත්තා දන්නව තමයි ඒත්..
    * මට අවුරුදු පහළොවෙදි, …. අපෝ එයාගේ කියවිල්ල
    * මට අවුරුදු දහ හතේදි, ……. තාත්තා දන්න බම්බුව
    * මට අවුරුදු දහ නවයෙදි, ….. එයාගෙ වැඩේම මට බකට් අදින එක
    * මට අවුරුදු විසි පහේදි, ……. හරි හරි මම අහගෙන තමයි ඉන්නෙ
    * මට අවුරුදු විසි අටේදි, ……. වෙලාවකට තාත්තා කියන දේත් ඇත්ත
    * මට අවුරුදු තිහේදි, …………. තාත්තගෙනුත් අහල බලමුද
    * මට අවුරුදු තිස් දෙකේදි, …… “හලෝ තාත්තෙ, මම දැන් තාත්තා කෙනෙක්”


උපුටා ගැනීම  ඉරිදා පුවත්පතක පලකල දැන්වීමක්

   

සැබෑ නිල් මහනෙල් මල

Sunday, July 17, 2011

ienE u,
jerÈ u,
^wd¾'tia' lSßhj;a;&


§ma;s hlkaodj, lms, hlkaodj,
1986 jif¾ › ,xldfõ cd;sl mqIamh f,i ks,a udfk,a u, y÷kajd ÿkafkah' rcfha fjí wvúfha;a" mdie,a fm<fmd;a j,;a rcfha wksl=;a ,sms f,aLk j,;a we;af;a kshu ks,a udfk,a u, fkdjk nj fmardfo‚h úYaj úoHd,fha WoaNso úoHd wxYfha uydpd¾h §ma;s hlkaodj, iy jhU úYaj úoHd,fha WoHdk úoHdj yd N+ñ w,xlrKh fomd¾;fïka;=fõ fcHIaG lÓldpd¾h wdpd¾h lms, hlkaodj, mji;s'

ksõ*shd iafg,dgd ^Nymphaea Stellata& kñka úoHd;aul jYfhka tod tu ks,a udfk,a u, ye¢kajQ w;r wo th kjqp,S ^Nouchali& kñka y÷kajhs' kdñl jYfhka jerÈ u,la fhdodf.k we;ehs Tjqyq lsh;s' 

tfiau › ,xldKavqfõ fjí wvúh mokï lr f.k úfoaY rgj,o ,xldfõ cd;sl mqIamh f,i olajd we;af;ao jerÈ mqIamhla' thska cd;sl mqIamh f,i ks,a udfk,a u, kdñlj fhdod .ekqko ta i|yd fmkajdfok mqIamh udfk,a u,la jqjo th úfoaYhlska ,xldjg y÷kajd ÿka mqIamhls'
oekg wm cd;sl mqIamh f,i Ndú;d lrk udfk,a u, kshu ks,a udfk,a u, fkdfõ' th oï meyefhka hqla;hs' › ,xldfõ foaYSh yd wdfõksl f;dr;=re we;=,;a maf,dard ´ isf,daka kue;s lD;sfha kshu ks,a udfk,a u, l=ulao lshd y÷kajd § we;'
 


නිල් මානෙල්
කෙසේ වෙතත් මැනවින් පරීක්ෂා කළහොත් සීගිරි අප්සරාවන් අත ඇත්තේද මෙම නිල්මානෙල් බව පැහැදිලි වෙයි.
පරීක්ෂා කොට වඩාත් නිවැරදි දේ විද්‍යාත්මකවත් ඓතිහාසිකවත් තහවුරු කළ පසු අප විසින් එය අනුමත කළයුතු වනවා පමණක් නොව මෙතෙක් කර ඇති වැරදිද නිවැරදි කළ යුතුය.

උපුටා ගැනීම - RavanaBrothers

අද

Friday, July 15, 2011

අද දවස සමහර විට

හදවතක් එක් කල දිනයක්ද
හදවතක් වෙනස් කල දිනයක්ද
හදවතක් රිදවන්නට සමත් දිනයක්ද වන්නට තිබුණි බව වග මට නොහැඟුණි.....
එහෙත් මට නොදැනීම කාලය ගෙවී ගොස් නැවතත් ඒ දින
ය උදා වී ඇත.මගේ ජීවිතයට වෙනස් අරුතක් එක් කල, ජීවිතය වර්ණවත් කල ජීවිතයට නව මඟක් කියා දුන් ඒ දිනය අදයි..

හදවත
ඔබත් මමත්
එකලු කල ආදරය
අද්දරින් ගලා යන ජීවිතය
පැණ නැඟුණු දුක් කම්කටොලු
විඳ දරා ඉදිරියට

ලැබැඳි ඔබ දෑස් දෙස නෙත් යොමා
බලා හිඳින්නට
ලැබැඳි ඔබ වදන් වෙත කන් යොමා
අසා සිටින්නට
ලැබැඳි ඔබ කැටුව දෑත් පටලා
පිය මනින්නට
තව තවත්
ඉදිරියට

පිය නඟමු ජීවිතය
සැබැඳියේ ඔබ සමඟ

ආදරණීය
ඔබ ............................................


සන්නාලියනේ සන්නාලියනේ........................

Thursday, July 14, 2011


සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මේ පොඩි ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ
දිලිසෙන ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
සීතල හඳ එළියේ
මැලැවුණු මුහුණින් වෙවුලන දෑතින්
කාටද සළුව වියන්නේ
සිතල සළුව වියන්නේ
කණ කොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ


පබැදුම- මහගමසේකර ශූරීන් ... ගායනය... අමරදේව ශූරීන්