තාත්තයි මමයි

Sunday, July 24, 2011

  • මට වයස අවුරුදු 04 දී – මගෙ තාත්තට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්.
  • මට වයස අවුරුදු 05 දී – මගෙ තාත්ත නම් ඕනම දෙයක් දන්නවා.
  • මට වයස අවුරුදු 06 දී – ඕගොල්ලන්ගෙ තාත්තා වගේ නෙවෙයි. අපේ තාත්තා හරිම දක්ෂයි. එයා හරි උසත් එක්ක.
  • මට වයස අවුරුදු 08 දී – අපේ තාත්තා හැම දෙයක් ගැනම හරියට දන්නෙ නෑ වගෙයි මට හිතෙන්නෙ.
  • මට වයස අවුරුදු 10 දී – අපේ තාත්තලගෙ කාලෙ මේ හැම දෙයක් ම දැන් වාගෙ දියුණු නෑ.
  • මට වයස අවුරුදු 12 දී – අපෝ. ඒක අමුතු දෙයක් යැයි. තාත්තට ඒවා මුකුත් තේරෙන්නෙ නෑ. එයාට දැන් එයාගෙ පුංචි කාලෙ මතකවත් නැතුව ඇති.
  • මට වයස අවුරුදු 14 දී – එයාව ගණන් ගන්න එපා මචං. එයාට හණමිටි අදහස් තියෙන්නෙ.
  • මට වයස අවුරුදු 21 දී – අපේ තාත්තා. එයා පිස්සු දොඩවන්නෙ. දැන් කාලෙට ඒ පිස්සු ගැලපෙන්නෙ නෑ බං.
  • මට වයස අවුරුදු 25 දී – තාත්තා ඒ ගැන ටිකක් විතර දන්නවා. මොකද එයා හුඟක් කල් ඒවත් එක්ක වැඩ කළා නෙ. 
  • මට වයස අවුරුදු 30 දී – තාත්තගෙන් ඇහුවොත් හොඳයි වගේ. මොනවා වුණත් තාත්තට හුඟක් අත්දැකීම් තියෙනව නෙ.
  • මට වයස අවුරුදු 35 දී – අපෝ. මම නම් ඔය වැඩේට අත ගහන්නෙ නෑ. තාත්තගෙන් අහල බලල මිසක්.
  • මට වයස අවුරුදු 40 දී – මට හිතා ගන්න බෑ තාත්තා කොහොමද මේවට මුහුණ දුන්නෙ කියල. තාත්තා හරිම කල්පනාකාරී කෙනෙක්. ඕනෑ ප්‍රශ්ණයක් විසඳන නිවැරදි විදිය තාත්තා දන්නවා. 
  • මට වයස අවුරුදු 50 දී – දෙයියනේ. තාත්තා හිටියා නම්

උපුටා ගැනීම සුමති පුවත්පත් (පුද්) සමාගම පලකල දැන්වීමක්




තාත්තා ගැන තවත් ලස්සන අදහසක්

    * මං ඉපදුන දවසෙ, …………. සතුටට තාත්තට ඇඬුනලු
    * මට අවුරුදු දෙකේදි, ……… මං තාත්තගෙ අතේමලු
    * මට අවුරුදු හතරෙදි, ……… මං වැඩියෙන්ම ආදරේ තාත්තට
    * මට අවුරුදු පහේදි, ……….. ලෝකෙ හොඳම තාත්තා මගේ තාත්තා
    * මට අවුරුදු හතේදි, ……….. මගෙ තාත්තා කාටවත්ම බය නැ
    * මට අවුරුදු නවයෙදි, ……… අම්මෝ තාත්තා දන්න දේවල්
    * මට අවුරුදු දොළහෙදි, ……. තාත්තා දන්නව තමයි ඒත්..
    * මට අවුරුදු පහළොවෙදි, …. අපෝ එයාගේ කියවිල්ල
    * මට අවුරුදු දහ හතේදි, ……. තාත්තා දන්න බම්බුව
    * මට අවුරුදු දහ නවයෙදි, ….. එයාගෙ වැඩේම මට බකට් අදින එක
    * මට අවුරුදු විසි පහේදි, ……. හරි හරි මම අහගෙන තමයි ඉන්නෙ
    * මට අවුරුදු විසි අටේදි, ……. වෙලාවකට තාත්තා කියන දේත් ඇත්ත
    * මට අවුරුදු තිහේදි, …………. තාත්තගෙනුත් අහල බලමුද
    * මට අවුරුදු තිස් දෙකේදි, …… “හලෝ තාත්තෙ, මම දැන් තාත්තා කෙනෙක්”


උපුටා ගැනීම  ඉරිදා පුවත්පතක පලකල දැන්වීමක්

   

සැබෑ නිල් මහනෙල් මල

Sunday, July 17, 2011

ienE u,
jerÈ u,
^wd¾'tia' lSßhj;a;&


§ma;s hlkaodj, lms, hlkaodj,
1986 jif¾ › ,xldfõ cd;sl mqIamh f,i ks,a udfk,a u, y÷kajd ÿkafkah' rcfha fjí wvúfha;a" mdie,a fm<fmd;a j,;a rcfha wksl=;a ,sms f,aLk j,;a we;af;a kshu ks,a udfk,a u, fkdjk nj fmardfo‚h úYaj úoHd,fha WoaNso úoHd wxYfha uydpd¾h §ma;s hlkaodj, iy jhU úYaj úoHd,fha WoHdk úoHdj yd N+ñ w,xlrKh fomd¾;fïka;=fõ fcHIaG lÓldpd¾h wdpd¾h lms, hlkaodj, mji;s'

ksõ*shd iafg,dgd ^Nymphaea Stellata& kñka úoHd;aul jYfhka tod tu ks,a udfk,a u, ye¢kajQ w;r wo th kjqp,S ^Nouchali& kñka y÷kajhs' kdñl jYfhka jerÈ u,la fhdodf.k we;ehs Tjqyq lsh;s' 

tfiau › ,xldKavqfõ fjí wvúh mokï lr f.k úfoaY rgj,o ,xldfõ cd;sl mqIamh f,i olajd we;af;ao jerÈ mqIamhla' thska cd;sl mqIamh f,i ks,a udfk,a u, kdñlj fhdod .ekqko ta i|yd fmkajdfok mqIamh udfk,a u,la jqjo th úfoaYhlska ,xldjg y÷kajd ÿka mqIamhls'
oekg wm cd;sl mqIamh f,i Ndú;d lrk udfk,a u, kshu ks,a udfk,a u, fkdfõ' th oï meyefhka hqla;hs' › ,xldfõ foaYSh yd wdfõksl f;dr;=re we;=,;a maf,dard ´ isf,daka kue;s lD;sfha kshu ks,a udfk,a u, l=ulao lshd y÷kajd § we;'
 


නිල් මානෙල්
කෙසේ වෙතත් මැනවින් පරීක්ෂා කළහොත් සීගිරි අප්සරාවන් අත ඇත්තේද මෙම නිල්මානෙල් බව පැහැදිලි වෙයි.
පරීක්ෂා කොට වඩාත් නිවැරදි දේ විද්‍යාත්මකවත් ඓතිහාසිකවත් තහවුරු කළ පසු අප විසින් එය අනුමත කළයුතු වනවා පමණක් නොව මෙතෙක් කර ඇති වැරදිද නිවැරදි කළ යුතුය.

උපුටා ගැනීම - RavanaBrothers

අද

Friday, July 15, 2011

අද දවස සමහර විට

හදවතක් එක් කල දිනයක්ද
හදවතක් වෙනස් කල දිනයක්ද
හදවතක් රිදවන්නට සමත් දිනයක්ද වන්නට තිබුණි බව වග මට නොහැඟුණි.....
එහෙත් මට නොදැනීම කාලය ගෙවී ගොස් නැවතත් ඒ දින
ය උදා වී ඇත.මගේ ජීවිතයට වෙනස් අරුතක් එක් කල, ජීවිතය වර්ණවත් කල ජීවිතයට නව මඟක් කියා දුන් ඒ දිනය අදයි..

හදවත
ඔබත් මමත්
එකලු කල ආදරය
අද්දරින් ගලා යන ජීවිතය
පැණ නැඟුණු දුක් කම්කටොලු
විඳ දරා ඉදිරියට

ලැබැඳි ඔබ දෑස් දෙස නෙත් යොමා
බලා හිඳින්නට
ලැබැඳි ඔබ වදන් වෙත කන් යොමා
අසා සිටින්නට
ලැබැඳි ඔබ කැටුව දෑත් පටලා
පිය මනින්නට
තව තවත්
ඉදිරියට

පිය නඟමු ජීවිතය
සැබැඳියේ ඔබ සමඟ

ආදරණීය
ඔබ ............................................


සන්නාලියනේ සන්නාලියනේ........................

Thursday, July 14, 2011


සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මේ පොඩි ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ
දිලිසෙන ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
සීතල හඳ එළියේ
මැලැවුණු මුහුණින් වෙවුලන දෑතින්
කාටද සළුව වියන්නේ
සිතල සළුව වියන්නේ
කණ කොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ


පබැදුම- මහගමසේකර ශූරීන් ... ගායනය... අමරදේව ශූරීන්


ගෙවතු අලංකරණ

Monday, July 4, 2011











නින්දට පෙර

ඔබ නිදා ගත යුතු කාලය අන් අයගෙන් වෙනස් වේ. එබැවින් අන් අය හා සැසඳීමෙන් තමාට ප්‍රමාණවත් නින්දක් නොලැබේයැයි තීරණය කළ නොහැක.නිදා ගන්නා කාලය තුළ ඉඳහිට අවදිවීමද සාමාන්‍ය දෙයක් බව අවබෝධ කරගත යුතුය. එලෙස අවදි වූ විට නින්ද යන තුරු ‘ඇඟිලි ගනිමින්’ සිටීම මෙන්ම නින්ද නොයෑම ගැන කනස්සලු වීමද එම තත්වය උග්‍ර කිරීමට හේතු වේ.

සෑම දෙනාටම කලින් කලට හොඳ නින්දක් නොලැබෙන අවස්ථා අත්විඳීමට සිදුවේ. ප්‍රශ්ණ,ගැටළු ආදිය නිසා ඇතිවන මානසික ආතතිය, ජීවත්වන පරිසරය වෙනස් විට ආදී තාවකාලික ගැටළු එයට හේතුවන අතර සාමාන්‍යයෙන් එම තත්වය කෙටි කලකින් යථා තත්වයට පත්වේ.



නින්දට යාමට පැය කිහිපයක් ඇතුලත නින්දට අහිතකර දේවලින් වැළකීම


1) දුම්පානය හා මත්පැන් භාවිතයෙන් වැලකීම


2) කැෆේන් අඩංගු බීම වර්ග නොගැනීම (තේ,කෝපි,චොකලට් ආදිය)



3) ඔබ නිදන කාමරය සුවදායී, ශබ්ද අඩු තැනක් විය යුතුය. අධික ආලෝකය, අධික උණුසුම මෙන්ම අධික සීතලද නින්දට බාධා කරයි. සෞම්‍ය සංගීතයකට සවන්දීම ඇතැම් අයට නින්ද පහසු කරයි. නිදා ගන්නා ඇඳේ සිට පොත්පත් කියවීම, රූපවාහිනි බැලීම ආදී දේ කිරීමට පුරුදු නොවිය යුතුය.



4) දුරකථනය නිදා ගැනීමට යන විට ක්‍රියා විරහිත තැබීම නුවණට හුරුය.


5) නිදාගැනීමට පෙර තුළඋණුසුම් ජලයෙන් ඇඟ සේදීම.



6) නින්දට පෙට ඔබ කායිකව හා මානසිකව සැහැල්ලු තත්වයකට පත් කිරීමට මේවා භාවිතා කල හැකිය. පිළිවෙළින් හිසේ සිට පාදාන්තය තෙක් මස් පිඬු තද කර ඉහිල් කිරීම, හුස්ම ගැනීමේ ව්‍යායාම ආදී සැහැල්ලු වීමේ ක්‍රම ගණනාවක් තිබේ.


7) බර ආහාර වේලක් ගැනීමෙන් වැළකීම (සැහැල්ලු ආහාරයක් ගැනීම නින්දට ඵලදායී වේ)

නින්ද


අපට නින්ද අවශ්‍යම දෙයක් හරියට ඇතුවත් නැතුවත් බැරි දෙයක් වගේ. නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්‍රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි.

නින්දට ගොස් යලි අවදිවීම යනු දැල්වූ බල්බයක් නිවා දමා යලි දැල්වීම වැනි සරල ක්‍රියාවක් නොව, අවධි ගණනාවකින් සමන්විත සංකීර්ණ ක්‍රි
යාවලියකි. සත්ව ලෝකය පුරා නිරීක්ෂණයට ලක්වුණු නින්ද ස්වභාවික කායික විරාමයකි. එය සියලු ක්ෂීරපායී සතුන්ටත් කුරුල්ලන්ටත් උරගයින්ටත් උභය ජීවීන්ට හා මත්ස්‍යයන්ටත් පොදුය.

නින්ද යෑමේ අවධි

නින්ද අප ජීවන චක්‍රයේ ඉතා සරල සංසිද්ධියක් එහි බලපෑම බලවත්
ය. නින්ද නොමැති වුවහොත් ශරීර චක්‍රය හා ක්‍රියාකාරිත්වයන්ගේ (body clock and functions) සමබරතාවය වෙනස් කිරීමට එය අධික ලෙස බලපායි.

1) පැය 7 ප්‍රමාණවත් නින්දක්


බොහෝ දෙනෙකුගේ අදහස නම් අපට දිනකට පැය 7 - 8ක් පමණ නින්දක් අවශ්‍ය බවයි.(West Virginia University පර්යේෂණකට අනුව) යමෙකුට අවශ්‍ය නින්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වන අතර ඇතැමුන් දිනකට පැය 3- 4 ක නින්දකින් සෑහීමකට පත්වේ.

විශේෂයෙන්ම වයසට යාමේදී නිදා ගැනීමට අවශ්‍ය කාලය අඩුවේ. ලදරුවෙකු දිනකට පැය 16-17 ක් නිදාගන්නා අතර වයස්ගත වූවෙකුට අවශ්‍ය නින්ද පැය 5-6 ක් වේ. තරුණ වයසේ අයෙකු සාමාන්‍යයෙන් පැය 6-8 ක් පමණ නිදා ගනී.එම නිසා යමෙකු නිදාගෙන අවදිවීමෙන් පසු ඔහුට සාමාන්‍ය පරිදි කටයුතු කල හැකිනම් (අඩු නින්ද නිසා ඇතිවන ගැටළු වලින්
තොරව) එය ප්‍රමාණවත් නින්දක් යැයි කිව හැකිය.


2) නිදි වැරීම බඩගින්නේ සිටීමට වඩා බලවත්??


ඔබට ශරීරයට කිසිදු ආහාරයක් නොගෙන සති 2ක් වැනි කාලයක් සිටිය හැකි වුවද නින්දක් හා විවේකයක් නොමැතිව ඔබට සිටිය හැක්කේ උපරිම දින 10ක් පමණි.


3) නිදාගන්නා ඉරියව්ව ඔබේ පෞරුෂත්‍වය පිලිබිඹු කරයි


නිදාගන්නා ඉරියව්ව ඔබේ පෞරුෂත්‍වය පිලිබඳ යම් අදහසක් දෙන බව බ්‍රිතාන්‍ය පරීකෂණයකින් හෙලි වී ඇත.


4) කාන්තාවන්ට පිරිමින්ට වඩා වැඩි කාලයක්


කාන්තාවන්ට පිරිමින්ට වඩා වැඩි කාලයක් නින්ද සඳහා අවශ්‍ය බව ඉහත බ්‍රිතාන්‍ය පරීකෂණ කණ්ඩායම සොයා ගෙන ඇත. මේ සඳහා හේතුවී ඇත්තේ කාන්තාවන්ගේ මොලයට අමතර මිනි. 20 ක කාලයක් ආතතිය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය බව හෙලි වී ඇත.

හන්තානට පායන සඳ


හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...

කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...
ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...

මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ...//


""ෂික් අපේ කැම්පස් එකටත් මේ වගේ සිංදුවක් හැදුනෙ නෑනෙ"" he heeeeeeeeee

සින්ඩරෙල්ලා

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය

මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා


සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා

කැමීලියා මල් . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා

ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා

නුග සෙවනක් සේ ඔබට

නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි...

නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි...

ගංගාවකි මහ සුනිමල
පවසට ඉන් පැන් ලබන්න...
ගංගාවකි මහ සුනිමල
පවසට ඉන් පැන් ලබන්න...

මල් සුවඳකි මා වනකල
ඒ සුවදින් සුවඳ වන්න

නුග සෙවනක් සේ...//


සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලීය ගන්න...
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලීය ගන්න...

ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න

නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි...


නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි...

ආදරයේ උණුසුම ලඟ


ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනා වන් වැලලෙයි..
සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ


ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

‍දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටෙයි
කදුලින් හදවත් ඇවිලෙයි..
ගිතරු පෙම් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ...
සිනහ නැගෙයි කදුල ඇගෙයි - එයයි ජීවිතේ...

ආදරයේ උණුසුම ලඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් - සැප රැදෙන්න බැ
සිනහවෙවී සිනහවෙවී - කල් ගෙවන්න බැ

තත්පරයෙන් කොටසක්


Slow Motion Camera උපයෝගී කරගෙන ලබාගත් ජායාරූප කිහිපයක් අද blog එකට එකතු කරන්න හිතුණා. බලන්න කොහොමද කියලා