IFO++

Saturday, October 9, 2010

කොළඹ විශ්වවිදය්‍යලයේ පරිගණක අධය්‍යනායතනයට (UCSC),ඒ කියන්නේ අපේ පරිගණක අධය්‍යනායතනය ආරම්භ කරලා අවුරුදු 25 ක් පිරීම නිමිත්තෙන් IFO++ නමින් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණයක් සංවිධානය කරලා තියෙනවා.


කොළඹ විශ්වවිදය්‍යලයේ පරිගණක අධය්‍යනායතනය විසින් මෙවැනි දැවැන්ත ප්‍රදර්ශණයක් සංවිධානය කරන්නේ පලමු වරටයි.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, පරිගණක විද්‍යාව පිළිබඳ ආසාවක් කැමැත්තක් තියෙන ඕනෑම කෙනෙකුට ප්‍රදර්ශණයට සහභාගි වෙන්න පුලුවන්. IT field එකේ ඉන්න කට්ටිය විතරක් නෙමේ ඕනෑම කෙනෙකුට ප්‍රදර්ශණය සහභාගි වෙලා දැනුම ලබා ගන්න පුලුවන්.

ඔක්තෝබර් මාසෙ 28,29,30 යන දවස් තුනේ තමයි ifo++ තියෙන්නෙ,උදේ 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල තමයි
තියෙන්නෙ...

ප්‍රදර්ශණයට සහභාගි වෙලා අපිව දිරිමත් කරන්න කියලා ඔන්න මම හැමෝටම කියනවා..........

අපේ නිල වෙබ් අවකාශය
http://www.ifo.ucsc.lk/

facebook වෙබ් අවකාශය
http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209

twitter වෙබ් අවකාශය
http://twitter.com/ucscifo

සඳසේ බැස නොයා

Wednesday, September 29, 2010

සඳසේ බැස නොයා මගෙ ලොවේ රුඳේ නම්

කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම්

ඔබ දෑසේ රුදෙන්නම්.....මියෙන්නම්....

පැතුමන් බිද දමා ඔබ නොයා හිදී නම්

සිත පුරා මා මියෙන්නම් දෑස රකින්නම්

මගෙ සුහඳේ සැනසී සැනසෙන්නම්


පබඵ මල් මාවතේ ඔබ දෑතේ වෙලී

ඇවිදන් යන්න ඇත්නම් පෙර වාගේ

සොඳුරුයි ආදරේ හිමිවුනා සේ දැනේ

ඔබ සඳා.........................


සඳසේ බැස නොයා මගෙ ලොවේ රුඳේ නම්

කඳුලේ දුක දරා ඔබ නමින් හිඳින්නම්

ඔබ දෑසේ රුදෙන්නම්.....මියෙන්නම්....

පැතුමන් බිද දමා ඔබ නොයා හිදී නම්

සිත පුරා මා මියෙන්නම් දෑස රකින්නම්

මගෙ සුහඳේ සැනසී සැනසෙන්නම්





යාලුවෝ

Sunday, September 12, 2010

යාලුවෝ නම් හැමෝටම ඉන්නවානේ.... ඒ හැම කෙනෙක්ම එක්කම හොඳින් ඉන්න එක තමයි ලොකුම වැඩේ.සමහර කට්ටියට අඹ යාලුවොත් ඉන්නවා??
අනේ මට නම් අඹ යාලුවො නම් නෑ. ඒ වුණාට හැම ජාතියකම යාලුවො නම් ඉන්නවා.යාලුවෝ ටික මතක් කරලා පොඩි වීඩියෝ වැඩක් දැම්මා..


මේක මම ආදරය කරන සියලුම යාලුවෝ ටික මතක් වෙන්නත් එක්ක කරේ. මේක බලලා අනිත් අය තරහ වෙයිද දන්නේ නෑ. Oops
අපේ ජීවිතයට යාලුවෝ ඕන....

Frndz Forever....






සඳ පාන වාගේ

Thursday, August 26, 2010

මම ආස කරන ගීතයක් රූකාන්ත ගුණතිලක මහතාගේ - "සඳ පාන වාගේ

සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රුදෙන්නේ

නිල්විල් ජලාසේ හංසිය විලාසේ
මා හද විලේ සැරි සරන්..නේ
සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රුදෙන්නේ...............

මල් මාවතේ සැරි සරාලා...නැලවුණු ලඳේ තුරුලු වීලා
සමනල්ලු කෝ අද ගිහිල්ලා...මල්ගොමුවේ නෑ මල් පිපිලා
ඔබ නේන මේ බිම් තලාවේ පාලුව හඩයි රෑ දවාලේ
කවඳාක හෝ යලි සිනසේ ආයේ ආවා කියා පෙම්බරාවී
හද වේදනාවන් නිවේවී

සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රුදෙන්නේ...
නිල්විල් ජලාසේ හංසිය විලාසේ.............................

නිල්වන් ගැබේහි පියාඹා එන්නම් ඔබ සොයා
එන්නම් ඔබ සොයාලා එන්නම් ප්‍රියේ ඔබ සොයාලා
සිදලන්න මේ කඳුලු ගංගා හඳවේදනා මදිද වින්දා
යලි මාවතේ මල් පිපිලා සමනල්ලු රූනේ පිරීලා

ඔබ මා ළඟින් ඉන්නවා නම් ආයේ
මල් මී වසන්තේ උදා වී හද වේදනාවන් නිවේවී...
සඳ පාන වාගේ දිලෙන්නේ ඔබමයි හදෙහි රුදෙන්නේ...
නිල්විල් ජලාසේ හංසිය විලාසේ.....................
........



ඉරිසියාව

Tuesday, August 24, 2010

රුසියාවට වඩා ලොකු ඉරිසියාව.........








ඉරද හදඳ??

මිනිස්සු ගොඩක් වෙලාව ට බාහිරයට රුවටිලා අනුන්ගේ පහනෙන් එළිය දකින අයට රුවටෙනවා.ඒ වගේම ඒ කට්ටිය අගය කරනවා.බලන්න මේ ඒවගේ කතාවක්ද කියලා.






ජීවිතය

මට එවන ලද විද්‍යුත් තැපෑලක තිබුණු අපූරු අදහස් කිහිපයක් අද post එකට දාන්න හිතුනා.

ජීවිතයට ආදරය කරන්න. සතුටින් ජීවත් වන්න.

පෙම්වතිය

අපි හැමෝම ජීවිතයේ කෙඳිනකදී හෝ ආඳරය කරලා ඇති ආදරය අත් දැකලා ඇති ඔබ පුරුෂයෙක් නම් ස්වභාවික ලෝකයට අනුව පෙම්වතියකට ආදරය කරනු ඇත.

ඡීවිතයේ තමන්ගේ සහකාරිය/life partner
ලෙස තෝරා ගන්නා කාන්තාව මොනවගේ පුද්ගලයෙක් වේද? පෙම්වතිය මොනවගේ ගතිගුණ වලින් යුක්ත විය යුතුද?
මම ඇයගෙන් බලාපොරොත්තු වන ගතිගුණ ඇය
තුල තිබේද?
මේ වගේ දහසකුත් ප්‍රශ්න තියෙනවා....
මම දකින පෙම්වතිය තුල අසීමිතව ආදරය පමණක් තිබීම ප්‍රමාණවත් යැයි මම හිතන්නේ නෑ
ආදරයට අමතරව අධිෂ්ඨාණය, ආත්මවිශ්වාසය, එකිනෙකාට ගරුකිරීම, සරලබව, උගත්කම තියෙන්න ඕන.ආදරය අනිවාර්ය්‍යන්ම තියෙන්න ඕන,ර්‍ර්ට අමතරව ඉහත කාරණා මමනම් බලාපොරොත්තු වෙනවා.

ඇයි මම එහෙම බලාපොරොත්තු වෙන්නේ??

ආදරය පමණක් තිබිමෙන් ඡීවිතය අර්ථ ගන්වන්න ඡීවිතය ඡීවත් කරවන්න අමාරුයි.ඒ නිසා ඡීවිතය,ආදරය,ඉගෙනීම යන තුනම එකිනෙකට අවශ්‍යයයි.එකිනෙකට සමාන්තරව ගමන් කරන නමුත් අවශ්‍ය කාරණා 3ක්.

ඉගෙනීමක් රහිතව ආදරය හා ඡීවිතය පවත්වා ගෙන යෑම නිර්ථක ක්‍රියාවක්.එසේ කිරීමෙන් ඔහුට කෙඳිනකදී හෝ ආදරය ගිලිහී යන්න පුලුවන්.
ආදරය රහිතව ඉගෙනීම හා ඡීවිතය පවත්වා ගෙන යෑම මඟින් ඔහුව හැඟීම් කිසිවක් නොදන්නා නරුම පුද්ගලයෙක් බවට පත්කරණු නියතය.

ආත්මවිශ්වාසය තියෙන කිසිවකු කෙඳිනක කොතනකදී අතරමං වන්නේ හෝ පරාඡිත වන්නේද නැත.ඉතින් එවැනි පුද්ගලයෙක් අනිවාර්ය්‍යන්ම එවැනි ආත්මවිශ්වාසයක් ඇති තැනැත්තියක් තමාගේ පෙම්වතිය ලෙස තෝරා ගනු ඇත.
එකිනෙකාට ගරු කරගන්නා අතර සහකරුගේ අදහස් පිලිගන්නා ඒ අදහස් නිවැරදි නම් ඒවා පිළිගෙන ඒ අනුව ඡීවත් වන පෙම්වතියක් වීමද වැදගත්.එවිට පැන නඟින ප්‍රශ්න වලට විසදුම් සොයා ගන්න අපහසු වෙන්නේ නෑ.

ඕනෑම අවස්ථාවකට උචිත ආකාරයට ඡීවත් වෙන්න පුලුවන්,ලද දෙයින් සතුටු වෙලා ඡීවත් වෙන්න පුලුවන් ඒ කියන්නේ සරලබව තමයි.
ඉහත දක්වන ලද කරුණු මවිසින් පෙම්වතිය තුලින්දකින්නට කැමති ගතිගුණයි.එය තව කෙනෙකුට වෙනස් වෙන්න පුලුවන්.

මගේ ලිපිය අවසන් කරන්න කලින් එකිනෙකට පරස්පර සිංදු 2ක්






ඔබත් ආදරය කරන ඔබගේ පෙම්වතිය තුලින් දකින්නට කැමති දේවල් ගැන පහතින් ලියලා යන්න අමතක කරන්න එපා.

අම්මා

Sunday, August 22, 2010

අද මගේ 3වැනි post එක.අද මම අම්මා ගැන කතා කරන්න හිතුනා


අම්මා,මව,මෑණියන්,ජනනි,මාතා,මෑණී.......අම්මා කියන වචනය අපට අර්ත දක්වන්න පුලුවන්ද?

අපි හැමෝම බිහි වෙලා තියෙන්නේ අම්ම කෙනෙකුගෙන් තමයි. ජීව විද්‍යාත්ම
ව සොයා ගිහින් බැලුවත් අපි හැමෝම ගේම අම්මා වෙන්නේ අප්‍රිකාවේ මීට අවුරුදු දහස් ගණනකට කලින් ජීවත් වුණු Homo ගණයට අයත් මිනිස් අම්මා කෙනෙකුගෙන් මොකද අපේ ශරීරයේ සෛල වල තියෙන මයිටොකොන්ඩ්‍රයා අපට උරුම වෙන්නේ අපේ මවගෙන්, ඒ කියන්නේ අපි හැමෝටම තියෙන මයිටොකොන්ඩ්‍රයම එකම එකක්මයි.ඒකද දන්නේ නෑ අපි හැමෝම එක මවකගේ දරුවෝ කියන්නේ....අනේ මන්ද?


අම්මා,කොතරම් සුන්දර වචනයක්ද? ලෝකය පවතින්නේ හිරුගේ අව්රශ්මයත් මවගේ කිරි වලින් බවනම් ඇත්ත....

ඇයි අපි අම්මට මෙතරම් ආදරේ
? අපි ඉපදුනාට පස්සේ කියන මුල්ම වචනයත් අම්මා.මගේ ජීවිතයේ නම් සමීපතම චරිතය තමයි අම්මා.මම ජීවිතයේ මේ තරම් දුරක් ඇවිත් යම් කිසි දෙයක් ළඟා කරගෙන තියෙනවනම් ඒකෙන් 50% මගේ අම්මට හිමි විය යුතුය.

අම්මා කියන්නේ පුදුම හිතෙන චරිත
යක්,අපි සතුටු වෙනකොට හදවතින්ම අපිත් එක්ක සතුටු වෙන්නත්, අපි දුක් වෙනකොට හදවතින්ම අපිත් එක්ක දුක්වෙන්නත් පුලුවන්,එකම පුද්ගලයා විදියට මම දකින්නේ අම්මා විතරයි.ඒ තරම්පුදුම බැදිමක් අම්මා තමන්ගේ දරුවො එක්ක තියෙනවා..
අම්මා කෙනෙකුගේ ගතිගුණ ගැන ලියලා ඉවර කරන්නත් බෑ.කතා කරලා ඉවර කරන්නත් බෑ.ඇයි ඒ? මටත් හිතා ගන්න බෑ.
අම්මා ගැන කතා කරන්න ආවට මට ලියන්
න වචන එන්නේ නෑ,,,
අම්මා ගැන උතුම් චරිතයක් මට ජීවිතයේ හමුවෙලා නෑ.ඒ තරම් ජීවිතයට සමීප වෙච්ච පුද්ගලයෙක් මට ඉදලත් නෑ.මාහට අසීමිතව ආදරය කරන,හැම අවස්ථාවකදීම මා හා සිටින එකම පුද්ගලයා තමයි අම්මා.ඊළඟ ආත්මයෙදීත් මම අම්මාගෙම පුතෙක් වෙලා ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

මේ මම ඉතාමත් ඇලුම් කරන මව් ගුණ ගීත කිහිපයක්









අම්මා ගැන ඔබට හිතෙන අදහස් මෙතන comment එකක් විදියට දාල යන්න අමතක කරන්න එපා....

ආදරය

Saturday, August 21, 2010


අද මම ආදරය ගැන කතා කරන්න හිතුනා.මෙක මගේ දෙවැනි post එක,

ඇත්තට මොකක්ද ආදරය කියන්නේ ඒක හරියට අඳුන ගත්ත පුද්ගලයෙක් ඉන්නවද?
ඇත්තට මොකක්ද ආදරය කියන්නෙ? කෙනෙක් කියනවා ඒක පරිත්‍යගයක් කියලා
කෙනෙක් කියනවා ඒක පරිත්‍යගයක් කියලා.කෙනෙක් කියනවාඒක ප්‍රීතිය නැත්නම් සතුට කියලා.
තව කෙනෙක් කියනවා ඔය දෙකම කියලා.තව කෙනෙක් කියනවා ඒක එකිනෙකා හඳුනා ගැනීම කියලා.

අනේ මන්ද කට්ටිය එක එක අර්ථකතන දෙනවා ආදරයට.එවුනාට ආදරය හරියට අදුන ගත්ත කෙනෙක් හොයා ගන්න අමාරුයි වගේ.හැමෝම වගේ ආදරය කරනවා,කරලා තියෙනවා වනේ එවුනාට ආදරය හරියට අදුන ගත්ත කෙනෙක් හොයා ගන්න බෑ.පුදුමයි නේද?

ආදරය අපි හැමෝම අත් දකින දෙයක් පොඩි කාලෙ ඉදන් අපේ අම්මා අපිට ආදරේ බව අපි දන්නවා,ඒක අපිට දැනෙනවා අපි මොනව කරත් අම්මා අපිට ආදරේ බව දන්නවා.අපි නිකමටවත් හිතුවඳ ඒ ඇයි කියලා? නැ නේද? හිතුව නම් ගොඩක් හොදයි.

අම්ම අපිට ආදරය කරන්නේ පරිත්‍යගය(Sacrifice) හා ප්‍රීතිය (Happiness) යන දෙකම කැටි කරගෙන,අම්මා පරිත්‍යගයක් කරලා අපිව මේ ලෝකයට බිහිකරලා අපිව උස් මහත් කරන්න වෙහෙසෙනවා.අපි කරන හොද වැඩ වලට,අපි සමාජයේ හොද තැනකට ගියාම අම්මා නිහඩව සතුටු වෙනවා.අපි යම් කිසි දෙයකට සතුටු වෙනවා නම් අම්මත් සතුටු වෙනවා.අපි යම් කිසි දෙයකට දුක් වෙනවා නම් අම්මත් දුක් වෙනවා.ඒ කියන්නේ අපි හැගීම් බෙඳා ගන්නවා(Share)

ඇයි මෙහෙම වෙන්නේ අම්මා අපිට ආදරය
කරන නිසා.මම දකින විදියට ආදරය කියන දේට ප්‍රභේද නෑ.ආදරය හැමෝටම පොදු දෙයක්
අම්මා - තාත්තා
අම්මා - පුතා
තාත්තා - පුතා
අම්මා - දුව
තාත්තා - දුව
පෙම්වතා - පෙම්වතිය..............

අපි ඔය දකින සම්බන්ධතා සියල්ලේම තියෙන්නේ එකම ආදරයක් ඒක වෙනස් වෙන්නේ අපි ඒක දකින ආකරයෙන්.

කෙනෙකුට ආදරය දකින විදිය වෙනස් වෙන්න පුලුවන්.ආදරය කරන්න ආදරය පවත්වා ගෙන යන්න හැමදාම මුණ ගැහෙන්න ඕනද? අතින් අල්ලනම ඕනද? කතා කරන්නම ඕනද? ප්‍රේමණීය විදියට කතා කරන්නම ඕනද? තෑගි දෙන්නම ඕනද? මම හිතන්නේ නෑ, මම නම් ඔය එකක් වත් කරේ නෑ.ඒ වුණාට මමත් ආදරය කරනවා.ඒ කොහොමද?? අපි ආදරය කරන්නේ අපි
අවශ්‍ය විදියට හැබැයි එතනදී මේ දෙක අනිවාර්ය්‍යන්ම තියෙන්න ඕන.. ඒ මොකක්ද??

පරිත්‍යගය(Sacrifice) හා ප්‍රීතිය (Happiness) යන දෙකම එක්ක එකිනෙකා තේරුම් ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් එතකොට ආදරය අර්ථවත් වෙයි කියලා මම හිතනවා..
ආදරය ගැන ගොඩක් ලියන්න පුලුවන් මේ ඇති කියලා මම හිතනවා අයෙත් වෙනත් ලිපියකින් හමුවෙන තුරු..........

අඩුපාඩු පෙන්නලා දෙන්න ඒක මම අගය කොට සලකනවා. පුලුවන් නම් පහළින් ආදරය ගැන comment එකක් දාල යන්න.

මම

Friday, August 20, 2010

ඔබ සැම සාදරයෙන් char'ගේ ලෝකය blog එකට පිලිගන්නවා....මුලින්ම මම කවුද කියලා කියන්නම්.මම Char, මම කොළඹ විශ්වවිදය්‍යලයේ පරිගණක අධය්‍යනායතනයේ (UCSC) පළමු වසරේ ශිෂය්‍යයෙක්,Cyber අවකාශයට අලුත් සාමාජිකයෙක්. මටත් හිතුනා මගේ අදහස් අන්තර්ජාලයට මුසු කරන්න.ඒක නිසා මම මගේම කියලා blog එකක් ආරම්භ කරා.

මම මුලින්ම කියන්න යන දේ අපේ ජීවිතයට සම්බන්ධව තමයි.අපේ ජීවිතේ යම් කිසි කටයුත්තක් ආරම්භ කරල පවත්වා ගෙන යන්න plan එකක් තියෙන්න ඹ්න.අන්න ඒකට අදාල වෙන දෙයකින් මගේ පලවෙනි post එක ඉවර කරනවා.

S - Start small - සුලුවෙන් ආරම්භ කරන්න
T - Think Positively - සුභවාදීව හිතන්න
R - Reach a little further - ටිකක් ඉදිරියට යන්න
I - Invest Wisely - නැණවත්ව ඉතුරු කරන්න
V - Visualize Successes - සාර්ථකත්වය දකින්න

E - Expand Carefully - පරිස්සමින් ලෝකයට මුදා හරින්න

දිගටම මගේ blog එක බලන්න අඩුපාඩු පෙන්නලා දෙන්න ඒක මම අගය කොට සලකනවා. පුලුවන් නම් පහළින් comment එකක් දාල යන්න.