මා ලඟටම තව ලංවෙලා

Thursday, June 30, 2011

මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර කෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ..


මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර කෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...


කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා..
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනවුල් සුවඳ දැනේ ළදුනේ...

මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර කෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...

ඔබ ලස්සනයි

Tuesday, June 28, 2011

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි...
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ මඟ යන විට සුලලිත ගමනට කවුරුත් ආසා කරන්නේ
සුරංගනාවක් දුටුවා වාගේ සමහරු හැරි හැරි බලයි
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගේ
ඔබ ලස්සනයි තොල් පෙති නා දඵ වගේ
ඔබ ලස්සනයි කවුරුත් ඔබ බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි



ප්‍රිය සාදයකට මා හා ගිය විට රුජිණක් වාගේ ඔබ දිලෙන්නේ
මලකට ලංවෙන බඹරුන් වාගේ කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි..................................................






Hidden Option අවුල්

Sunday, June 19, 2011


වයිරස් attack එකකින් පස්සෙ විශේෂයෙන්ම w32.rontokbro වගේ අදාල ස්ථානයේ folder සැඟවිලා (hidden) වෙලා තියෙනවා.

ඒ ටික බලා ගන්න Explorer bar එකේ
Organize > Folder and search option > view
Hide protected operating system files (Recommended)
කියන option එකේ tick එක අයින් කරන්න.



වයිරස් attack එකකින් පස්සෙ ගොඩක් Windows XP, Windows 7 මෙහෙයුම් පද්ධති වල අදාල වයිරස් ආසදනයට ලක් වුන folder/ files වල properties වල hidden option එක අලු පාට වෙලා( gray out) තියෙනවා. අපිට නැවත ඒ folder/ file එකේ hidden option එක enable කරන්න බැරි වෙනවා.

මෙන්න මේ වගේ



ඉතින් මේ වගේ folder/ file ක් නැවත ප්‍රතිස්ථාපනය කරන්න පුලුවන්, එක ක්‍රමයක් තමයි, cmd - command line prompt එකෙන් commands වලින් folder/file එකේ properties වෙනස් කරන එක

මුලින්ම folder/file එක තියෙන තැනට ගිහින් cmd එකේ මේ වගේ



attrib "H:\path\file" -h -s කියන command එක type කරන්න.

මෙතන H කියන්නෙ මම උදාහරණයට පෙන්වන Photo කියන folder එක තියෙන තැන



දැන් අපිට ඒ folder එකේ hidden option එකේ gray out නැති කරන්න පුලුවන්


දෙවැනි ක්‍රමය

Start > Search Bar එකේ Regedit කියලා type කරලා regedit එකට එන්න.
එකේ HKEY වලින්

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced\Folder\Hidden\SHOWALL

මෙතනට එන්න


“Text”=”@shell32.dll, -30500″
“TypeName” = ”radio”
“CheckedValue”=dword:00000001
“ValueName”=”Hidden”
“DefaultValue”=dword:00000002
" CheckedValue = dword:00000001
“HelpID”=”shell.hlp#51105″


තියෙනවද කියල බලන්න.

අගයන් වෙනස් නම් අදාල ස්ථානයට ගිහින්(දකුණු පැත්තේ)right click කරලා modify එකෙන් අදාල අගයන් දමන්න. (සැලකිල්ලෙන් කරන්න ඕන)

මේ ටික ලියන්න හේතු වුනේ අපේ lectures තියෙන MiniAudio. යේ මේ වයිරස් එක මල කරදරයක් වුණා. USB එකේ folder එකක Lec. Notes දාගෙන ආවොත් සොරිම තමයි. දැන් නම් PC එකේ වයිරස් එක අයින් කරලා ඒ වුණාට දැනගෙන තියෙන එක හොඳයි.

මීට වඩා පහසු ක්‍රම තියෙනවා නම් මෙතනින් comment දාල යන්න අමතක කරන්න එපා.