අහන් ඉන්න අහගෙන ඉන්න - They are differently abled. Not Disable

Tuesday, November 1, 2011

අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා... මේ ගීතය ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා ඇති බව මම හිතනවා. ගීතයට අයිතිකරුවන් දෙදෙනෙකු සිටියත් මේකලා ගමගේ සොයුරිය ගායනා කරන මෙම ගීතය මම හිතනවා යම් විශේෂයක් එක් කල හැඟුම්බර ගීතයක් කියලා. ඔබත් රස විදලා බලන්න...




අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා
මගෙ හිත..මොනවද..මුමුණනවා....

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//

සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා

මගෙ හිත..මොනවද..මුමුණනවා....
 

ගායනය : මේකලා ගමගේ
සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
පද රචනය :‍ සෝමලතා හේරත් මැණිකේ 


They are differently abled. Not Disable

1 අදහස් සහ උදහස්:

සංකල්ප said...

ලස්සන සිංදුවක් !!!

Post a Comment