මොනරාගල සංචාරය

Friday, September 23, 2011


පසුගිය දවසක මොනරාගල ඉන්න මගේ යාලුවෙකුගේ ආරධනයක් මත මමත් ගියා ඒ පැත්තෙ පොඩි සංචාරයක....

 මේ තියෙන්නේ මරගල කඳුවැටිය (ශේෂ කඳුවැටියක්)

උතුරෙන් බිරම් ඇල්ලූවයි මරගලට
කතුරෙන් කපන සේමයි බීරම් සුළඟට
යතුර ලාපු ගල් දොරවල් ඇරුනාට
මිතුර නාමි දෙවි බැහැපන් මරගලට

වෙන හෙල්වලට වැඩි මරගල උතුම්කමා
එම හෙළ උසට යොත හෙළුවා හපන්කමා
ආදි සිටි අයට බැරිවිය නිවටකමා
කෝඩි තොපට දෙන දායද කිමදමෙමා

ඉහත ජනකවිවල සඳහන් ‘මරගල’ යන්න මොනරාගල කඳුවැටිය සඳහා පළමුවෙන් භාවිත කළ නාමය යි. මේ කඳුවැටිය වංස කථාවේ සඳහන් වන්නේ ‘මාරගල්ල’ යන නමිනි. එය අතීතයේ ‘මුල්සල’ නමින් හඳුන්වා ඇති අතර ඒ නම ඇසුරින් ම ‘මුප්පන’ යන වචනය ද මොනරාගල සඳහා මුලදී භාවිත කළ බව පෙනේ.

උපුටා ගැනීම - http://www.silumina.lk/punkalasa/20110320/_art.asp?fn=ar11032013


ගලබැද්ද බිසෝ පොකුණ

12 වන සියවසේදී මනාභරන රජු විසින් අටදහස් රට පාලකයා ලෙස සිරිවල්ලභ කුමරු නම් කරන ලද බවත්  සිරිවල්ලභයන් උදුන්දොර සිට අටදහස් රට පාලනය කරන ලද බවත් මහාවංශයේ සඳහන් වේ. සිරිවල්ලභ කුමරුගේ බිසව වු සුගලා දේවියට රැකවරණය දුන් භූමිය උදුන්දොර ලෙසත් මහාපරාක්‍රමබාහුට එරෙහිව යුද්ධමය වශයෙන් සංවිධානය වීමටත් මෙම නගරයම යොදා ඇති අයුරැ මහවංශයේ දැක්වේ.

මෙහි දැක්වෙන උදුන්දොර  වත්මන් ගලබැද්ද ප්‍රදේශය බව හදුනාගෙන ඇත. සුගලා දේවිය සටනින් පැරද දළදා වහන්සේ හා පාත්‍ර ධාතුන් වහන්සේද රැගෙන උරුවෙලාව ට පැන ගියාය. එය වර්ථමානයෙහි ඇතිමලේ කොටස විය යුතු බව අදහසයි. පැරකුම්බා රජුගේ සටන් රැසැක්ම අටදහස් රටෙහි දී සිදුවී ඇති බව මහාවංශය දෙස් දෙයි.



බිසෝ පොකුණ
මෙය සුගලා දේවියගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන්නට ඇත.
මෙය ප්‍රයෝජනය පොකුණෙහි දිශා 4 කින් ජලය එන සිංහ කටවල් පිහිටා තිබේ. වැඩි ජලය ගලා යාමට පොකුණ පත්ලේ කුඩා සිදුරක්ද පිහිටා ඇත.


මමත් ඉතින් පොකුණට බැස්ස හැබයි වතුර නම් නෑ
නමුත් වර්ෂා කාලයට පොකුණට වතුර එනවා. (සිංහ කටවල් 4 න්)









බිසෝ පොකුණට යාබදව පොලොන්නරු යුගයට අයත් වැසිකිලියක්ද දක්නට ලැබුණා. මෙය බිසවගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන්නට ඇත.







 
ගලබැද්ද ශ්‍රී සුජාතාතාරාමය පුරාණ විහාරය



මොනරාගල ඉන්න මගේ යාලුවා "සසිත"..     බොහොම ස්තූතියි මචං

5 අදහස් සහ උදහස්:

Amila Chathuranga said...

හර් සෝක් ටිප් එකක්...

Char said...

ඔව් ඔබ හරි

Anonymous said...

Photos tika maru!

Char said...

Isthuthi saho

සංකල්ප said...

මරු පික්ස් ටික. ඒ වගේම මරු ට්‍රිප් එක.

Post a Comment