
හදවතක් එක් කල දිනයක්ද
හදවතක් වෙනස් කල දිනයක්ද
හදවතක් රිදවන්නට සමත් දිනයක්ද වන්නට තිබුණි බව වග මට නොහැඟුණි.....
එහෙත් මට නොදැනීම කාලය ගෙවී ගොස් නැවතත් ඒ දිනය උදා වී ඇත.මගේ ජීවිතයට වෙනස් අරුතක් එක් කල, ජීවිතය වර්ණවත් කල ජීවිතයට නව මඟක් කියා දුන් ඒ දිනය අදයි..
හදවත
ඔබත් මමත්
එකලු කල ආදරය
අද්දරින් ගලා යන ජීවිතය
පැණ නැඟුණු දුක් කම්කටොලු
විඳ දරා ඉදිරියට
ලැබැඳි ඔබ දෑස් දෙස නෙත් යොමා
බලා හිඳින්නට
ලැබැඳි ඔබ වදන් වෙත කන් යොමා
අසා සිටින්නට
ලැබැඳි ඔබ කැටුව දෑත් පටලා
පිය මනින්නට
තව තවත් ඉදිරියට
පිය නඟමු ජීවිතය
සැබැඳියේ ඔබ සමඟ
ආදරණීය ඔබ ............................................

2 අදහස් සහ උදහස්:
like this lot..............
:P
Post a Comment