සන්නාලියනේ සන්නාලියනේ........................

Thursday, July 14, 2011


සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මේ පොඩි ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ
දිලිසෙන ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
සීතල හඳ එළියේ
මැලැවුණු මුහුණින් වෙවුලන දෑතින්
කාටද සළුව වියන්නේ
සිතල සළුව වියන්නේ
කණ කොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ


පබැදුම- මහගමසේකර ශූරීන් ... ගායනය... අමරදේව ශූරීන්


1 අදහස් සහ උදහස්:

Dickwella said...

----- For MP3 ------
http://www.mediafire.com/?znxzodz2y4n

Post a Comment