ඔබ ගාව මම ඉන්නෙමි.........

Wednesday, August 24, 2011

 
ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී

ඔබ ගාව මම ඉන්නෙමි..............

මෙලෙසේ දිළෙන්නේ තරුසේ නිවෙන්නේ
ඔබෙගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සැසලී නොයන්නේ
ඔබෙගේ මගේ සෙනෙහේ නේදෝ

සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළදේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළදේ

මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වි ගුවනේ පියාඹන්න වේවි
අභ්‍යාවකාශ ගානේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළදේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී
 
ඔබ ගාව මම ඉන්නෙමි....................

මිල්ටන් මල්ලවාරච්චි 

3 අදහස් සහ උදහස්:

මලිති said...

මම ආසයි මේ සිංදුවට :)

හිතුවක්කාර කෙල්ල said...

ලස්සනම සින්දුවක් :)

සංකල්ප said...

සිංදුව බාගන්න ලින්ක් එකක් දුන්නා නම් තවත් ගති.

Post a Comment