ළමා ලොව

Sunday, November 13, 2011

උපහාසය මැද ජීවත් වන දරුවා බියසුළුකම ඉගෙන ගනියි
 
විවේචනය මැද ජීවත් වන දරුවා ගැරහීම ඉගෙන ගනියි

 
අවිශ්වාසය මැද ජීවත් වන දරුවා වංචාව ඉගෙන ගනියි

 
විරුද්ධකම් මැද ජීවත් වන දරුවා සතුරුකම ඉගෙන ගනියි

 
සෙනෙහස මැද ජීවත් වන දරුවා ආදරය දැක්වීමට ඉගෙන ගනියි 

 
දිරිගැන්වීම මැද ජීවත් වන දරුවා විශ්වාසය ඉගෙන ගනියි 

 
සත්‍යය මැද ජීවත් වන දරුවා සාධාරණත්වය ඉගෙන ගනියි

 
ප්‍රශංසාව මැද ජීවත් වන දරුවා අගයකිරීම ඉගෙන ගනියි

 
සහයෝගය මැද ජීවත් වන දරුවා අනුන් ගැනත් සිතීම ඉගෙන ගනියි

 
දැනුම මැද ජීවත් වන දරුවා බුද්ධිමත් බව ඉගෙන ගනියි

 
සතුට මැද ජීවත් වන දරුවා ආදරය සහ අලංකාරය හඳුනා ගනියි

4 අදහස් සහ උදහස්:

Post a Comment