නින්ද

Monday, July 4, 2011


අපට නින්ද අවශ්‍යම දෙයක් හරියට ඇතුවත් නැතුවත් බැරි දෙයක් වගේ. නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්‍රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි.

නින්දට ගොස් යලි අවදිවීම යනු දැල්වූ බල්බයක් නිවා දමා යලි දැල්වීම වැනි සරල ක්‍රියාවක් නොව, අවධි ගණනාවකින් සමන්විත සංකීර්ණ ක්‍රි
යාවලියකි. සත්ව ලෝකය පුරා නිරීක්ෂණයට ලක්වුණු නින්ද ස්වභාවික කායික විරාමයකි. එය සියලු ක්ෂීරපායී සතුන්ටත් කුරුල්ලන්ටත් උරගයින්ටත් උභය ජීවීන්ට හා මත්ස්‍යයන්ටත් පොදුය.

නින්ද යෑමේ අවධි

නින්ද අප ජීවන චක්‍රයේ ඉතා සරල සංසිද්ධියක් එහි බලපෑම බලවත්
ය. නින්ද නොමැති වුවහොත් ශරීර චක්‍රය හා ක්‍රියාකාරිත්වයන්ගේ (body clock and functions) සමබරතාවය වෙනස් කිරීමට එය අධික ලෙස බලපායි.

1) පැය 7 ප්‍රමාණවත් නින්දක්


බොහෝ දෙනෙකුගේ අදහස නම් අපට දිනකට පැය 7 - 8ක් පමණ නින්දක් අවශ්‍ය බවයි.(West Virginia University පර්යේෂණකට අනුව) යමෙකුට අවශ්‍ය නින්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වන අතර ඇතැමුන් දිනකට පැය 3- 4 ක නින්දකින් සෑහීමකට පත්වේ.

විශේෂයෙන්ම වයසට යාමේදී නිදා ගැනීමට අවශ්‍ය කාලය අඩුවේ. ලදරුවෙකු දිනකට පැය 16-17 ක් නිදාගන්නා අතර වයස්ගත වූවෙකුට අවශ්‍ය නින්ද පැය 5-6 ක් වේ. තරුණ වයසේ අයෙකු සාමාන්‍යයෙන් පැය 6-8 ක් පමණ නිදා ගනී.එම නිසා යමෙකු නිදාගෙන අවදිවීමෙන් පසු ඔහුට සාමාන්‍ය පරිදි කටයුතු කල හැකිනම් (අඩු නින්ද නිසා ඇතිවන ගැටළු වලින්
තොරව) එය ප්‍රමාණවත් නින්දක් යැයි කිව හැකිය.


2) නිදි වැරීම බඩගින්නේ සිටීමට වඩා බලවත්??


ඔබට ශරීරයට කිසිදු ආහාරයක් නොගෙන සති 2ක් වැනි කාලයක් සිටිය හැකි වුවද නින්දක් හා විවේකයක් නොමැතිව ඔබට සිටිය හැක්කේ උපරිම දින 10ක් පමණි.


3) නිදාගන්නා ඉරියව්ව ඔබේ පෞරුෂත්‍වය පිලිබිඹු කරයි


නිදාගන්නා ඉරියව්ව ඔබේ පෞරුෂත්‍වය පිලිබඳ යම් අදහසක් දෙන බව බ්‍රිතාන්‍ය පරීකෂණයකින් හෙලි වී ඇත.


4) කාන්තාවන්ට පිරිමින්ට වඩා වැඩි කාලයක්


කාන්තාවන්ට පිරිමින්ට වඩා වැඩි කාලයක් නින්ද සඳහා අවශ්‍ය බව ඉහත බ්‍රිතාන්‍ය පරීකෂණ කණ්ඩායම සොයා ගෙන ඇත. මේ සඳහා හේතුවී ඇත්තේ කාන්තාවන්ගේ මොලයට අමතර මිනි. 20 ක කාලයක් ආතතිය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය බව හෙලි වී ඇත.

2 අදහස් සහ උදහස්:

Unknown said...

("කාන්තාවන්ට පිරිමින්ට වඩා වැඩි කාලයක් නින්ද සඳහා අවශ්‍ය බව ඉහත බ්‍රිතාන්‍ය පරීකෂණ කණ්ඩායම සොයා ගෙන ඇත. මේ සඳහා හේතුවී ඇත්තේ කාන්තාවන්ගේ මොලයට අමතර මිනි. 20 ක කාලයක් ආතතිය යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය බව හෙලි වී ඇත. ")


:D :D එක නම් ඇත්ත වෙන්නැති බන් කාන්තාවන් කරන වැඩ දැක්කම...

Unknown said...

ෆට්ට ලිපිය බන් ජය වේවා....

Post a Comment