
මම ඇයගෙන් බලාපොරොත්තු වන ගතිගුණ ඇය තුල තිබේද?
මේ වගේ දහසකුත් ප්‍රශ්න තියෙනවා....
මම දකින පෙම්වතිය තුල අසීමිතව ආදරය පමණක් තිබීම ප්‍රමාණවත් යැයි මම හිතන්නේ නෑ
ආදරයට අමතරව අධිෂ්ඨාණය, ආත්මවිශ්වාසය, එකිනෙකාට ගරුකිරීම, සරලබව, උගත්කම තියෙන්න ඕන.ආදරය අනිවාර්ය්‍යන්ම තියෙන්න ඕන,ර්‍ර්ට අමතරව ඉහත කාරණා මමනම් බලාපොරොත්තු වෙනවා.
ඇයි මම එහෙම බලාපොරොත්තු වෙන්නේ??
ආදරය පමණක් තිබිමෙන් ඡීවිතය අර්ථ ගන්වන්න ඡීවිතය ඡීවත් කරවන්න අමාරුයි.ඒ නිසා ඡීවිතය,ආදරය,ඉගෙනීම යන තුනම එකිනෙකට අවශ්‍යයයි.එකිනෙකට සමාන්තරව ගමන් කරන නමුත් අවශ්‍ය කාරණා 3ක්.
ඉගෙනීමක් රහිතව ආදරය හා ඡීවිතය පවත්වා ගෙන යෑම නිර්ථක ක්‍රියාවක්.එසේ කිරීමෙන් ඔහුට කෙඳිනකදී හෝ ආදරය ගිලිහී යන්න පුලුවන්.
ආදරය රහිතව ඉගෙනීම හා ඡීවිතය පවත්වා ගෙන යෑම මඟින් ඔහුව හැඟීම් කිසිවක් නොදන්නා නරුම පුද්ගලයෙක් බවට පත්කරණු නියතය.
ආත්මවිශ්වාසය තියෙන කිසිවකු කෙඳිනක කොතනකදී අතරමං වන්නේ හෝ පරාඡිත වන්නේද නැත.ඉතින් එවැනි පුද්ගලයෙක් අනිවාර්ය්‍යන්ම එවැනි ආත්මවිශ්වාසයක් ඇති තැනැත්තියක් තමාගේ පෙම්වතිය ලෙස තෝරා ගනු ඇත.
එකිනෙකාට ගරු කරගන්නා අතර සහකරුගේ අදහස් පිලිගන්නා ඒ අදහස් නිවැරදි නම් ඒවා පිළිගෙන ඒ අනුව ඡීවත් වන පෙම්වතියක් වීමද වැදගත්.එවිට පැන නඟින ප්‍රශ්න වලට විසදුම් සොයා ගන්න අපහසු වෙන්නේ නෑ.
ඕනෑම අවස්ථාවකට උචිත ආකාරයට ඡීවත් වෙන්න පුලුවන්,ලද දෙයින් සතුටු වෙලා ඡීවත් වෙන්න පුලුවන් ඒ කියන්නේ සරලබව තමයි.
ඉහත දක්වන ලද කරුණු මවිසින් පෙම්වතිය තුලින්දකින්නට කැමති ගතිගුණයි.එය තව කෙනෙකුට වෙනස් වෙන්න පුලුවන්.
මගේ ලිපිය අවසන් කරන්න කලින් එකිනෙකට පරස්පර සිංදු 2ක්
ඔබත් ආදරය කරන ඔබගේ පෙම්වතිය තුලින් දකින්නට කැමති දේවල් ගැන පහතින් ලියලා යන්න අමතක කරන්න එපා.
0 අදහස් සහ උදහස්:
Post a Comment