කාලෙකින් අහපු අමුතුම තාලෙ ඇත්ත කතාවක් ගැන කියන සිංදුවක්
මේ සිංදුව අපේ ජීවිතේ ...... කාලය ගැන වෙනස් විදියකට බලන සිංදුවක්
බලන්න හැබෑ ජීවිතෙත් මෙහෙම වෙනවද කියලා....
අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...
ගාලු මුවදොරේ සිමෙන්ති බංකු පවා සාක්කි..
අපි දෙන්නගේ පෙම් කතාව මුහුදු සුළඟ කියාවි
බේරෙ වැවේ මැද රවුමේ ලී බංකුත් සාක්කි..
අපි දෙන්නගේ පුංචි රණ්ඩු අදටත් එහි ඇසේවි
මැණිකේ මැණිකේ අපේ පුතත් එහි ගියොතින් ඌට ඒවා ඇසේවි
අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...
වා සුළියේ අත් පටලා පිය මැන්නා හිතු මතේ
තුරුල් වෙවී සිනාසිසී ගස්මුල් වල වාඩිවී
සිනමාහල් වලට ගිහින් බයිස්කෝප් බලද්දී
මතකද මැණිකේ ඔයාගෙ මුහුණ මෙ මම සිබිද්දී
මැණිකේ මැණිකේ අපේ පුතත් එහි ගියොතින් ඌත් ඒවා කරාවි
අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...
මහේෂ් ඩිල්ෂාන්
ඔබ ගාව මම ඉන්නෙමි.........
Wednesday, August 24, 2011
ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී
ඔබ ගාව මම ඉන්නෙමි..............
මෙලෙසේ දිළෙන්නේ තරුසේ නිවෙන්නේ
ඔබෙගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සැසලී නොයන්නේ
ඔබෙගේ මගේ සෙනෙහේ නේදෝ
සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළදේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළදේ
මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වි ගුවනේ පියාඹන්න වේවි
අභ්‍යාවකාශ ගානේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළදේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී
මිල්ටන් මල්ලවාරච්චි
වර්ගකිරීම් :
සිංදු
Subscribe to:
Posts (Atom)

