සරසවි ෆැන්ටසිය

Thursday, January 27, 2011



දහසක් පැතුම් සිත දල්වා ගෙන පැමිණී
එම පැතුම් දියවී යන අයුරු පෙණී
බෝඞිම තුලට වී දෙලොවක් අතර වැණී
සිටිනා විටදී මට මාගැන දුක සිතුණී

දැන් නම් ළඟයි ගතවී සය මසකට වඞා
ඉන්නට නම් නොහැක මට මෙහි මීට වඞා
සත්තයි එනවා මම අම්මාගේ සිහින කඞා
අම්මේ සැපයි දඟගෙයි මට මීට වඞා

පිපිලා ඇතැයි සිතුනත් මෙහි මල් නිබඳ
ගුණයෙන් රුවෙන් යුත් මහනෙල් මෙන් සුවඳ
එවන් එකඳු කුසුමක් වත් දුටුවාද
ගිරිහෙල් මුදුන් වල හොඳ මහනෙල් කොහෙඳ

තවමත් මාතර මුහුදේ රළ වෙරළේ වදිනවාද
හවසට ගිහින් මළ හිරු එහි ගිලෙනවාද
මා නැති වුණත් විහඟුන් එහි ගී ගයනවාද
මා නැති තනිය අම්මටවත් දැනෙනවාද

අම්මාගේ මියුරු කටහඩ කන වැකෙන්නෙපා
අම්මාගේ බත්පතේ රස සිහිවෙන්නෙපා
අම්මාගේ පිරුණු සෙනෙහස මට දැනෙන්නෙපා
අම්මා ළඟ නැති මට බඩගිනි වෙන්නෙපා

භවනේ තේක මී පැණි මෙන් රස වේවා
මැරයාගේ කඩේ බත් දිව බොජුනක් වේවා
මෙතුවක් කලට මට නොම තේරෙන ඒවා
"Repeat" ලියනවිටදී වත් මට වැටහේවා

IFO++

Saturday, October 9, 2010

කොළඹ විශ්වවිදය්‍යලයේ පරිගණක අධය්‍යනායතනයට (UCSC),ඒ කියන්නේ අපේ පරිගණක අධය්‍යනායතනය ආරම්භ කරලා අවුරුදු 25 ක් පිරීම නිමිත්තෙන් IFO++ නමින් තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණයක් සංවිධානය කරලා තියෙනවා.


කොළඹ විශ්වවිදය්‍යලයේ පරිගණක අධය්‍යනායතනය විසින් මෙවැනි දැවැන්ත ප්‍රදර්ශණයක් සංවිධානය කරන්නේ පලමු වරටයි.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, පරිගණක විද්‍යාව පිළිබඳ ආසාවක් කැමැත්තක් තියෙන ඕනෑම කෙනෙකුට ප්‍රදර්ශණයට සහභාගි වෙන්න පුලුවන්. IT field එකේ ඉන්න කට්ටිය විතරක් නෙමේ ඕනෑම කෙනෙකුට ප්‍රදර්ශණය සහභාගි වෙලා දැනුම ලබා ගන්න පුලුවන්.

ඔක්තෝබර් මාසෙ 28,29,30 යන දවස් තුනේ තමයි ifo++ තියෙන්නෙ,උදේ 9.00 සිට රාත්‍රී 8.00 දක්වා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල තමයි
තියෙන්නෙ...

ප්‍රදර්ශණයට සහභාගි වෙලා අපිව දිරිමත් කරන්න කියලා ඔන්න මම හැමෝටම කියනවා..........

අපේ නිල වෙබ් අවකාශය
http://www.ifo.ucsc.lk/

facebook වෙබ් අවකාශය
http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209

twitter වෙබ් අවකාශය
http://twitter.com/ucscifo