සරසවි ෆැන්ටසිය

Thursday, January 27, 2011



දහසක් පැතුම් සිත දල්වා ගෙන පැමිණී
එම පැතුම් දියවී යන අයුරු පෙණී
බෝඞිම තුලට වී දෙලොවක් අතර වැණී
සිටිනා විටදී මට මාගැන දුක සිතුණී

දැන් නම් ළඟයි ගතවී සය මසකට වඞා
ඉන්නට නම් නොහැක මට මෙහි මීට වඞා
සත්තයි එනවා මම අම්මාගේ සිහින කඞා
අම්මේ සැපයි දඟගෙයි මට මීට වඞා

පිපිලා ඇතැයි සිතුනත් මෙහි මල් නිබඳ
ගුණයෙන් රුවෙන් යුත් මහනෙල් මෙන් සුවඳ
එවන් එකඳු කුසුමක් වත් දුටුවාද
ගිරිහෙල් මුදුන් වල හොඳ මහනෙල් කොහෙඳ

තවමත් මාතර මුහුදේ රළ වෙරළේ වදිනවාද
හවසට ගිහින් මළ හිරු එහි ගිලෙනවාද
මා නැති වුණත් විහඟුන් එහි ගී ගයනවාද
මා නැති තනිය අම්මටවත් දැනෙනවාද

අම්මාගේ මියුරු කටහඩ කන වැකෙන්නෙපා
අම්මාගේ බත්පතේ රස සිහිවෙන්නෙපා
අම්මාගේ පිරුණු සෙනෙහස මට දැනෙන්නෙපා
අම්මා ළඟ නැති මට බඩගිනි වෙන්නෙපා

භවනේ තේක මී පැණි මෙන් රස වේවා
මැරයාගේ කඩේ බත් දිව බොජුනක් වේවා
මෙතුවක් කලට මට නොම තේරෙන ඒවා
"Repeat" ලියනවිටදී වත් මට වැටහේවා

4 අදහස් සහ උදහස්:

ThisaRAKAsun said...

සතියක් ඇතිය පුරවන්න්ට සිලබසම
වෙහෙසක් නොගෙන සිටියෙන් සිත සරි ලෙසම
සැරයක් හැරී බැලුවොත් ආ මඟ දෙසම
සෙමියත් දෙවනි 'ෆන්' ගන්නද වෙන් කෙරුම

සංකල්ප said...

මට නම් කවි ලියන්න දන්නේ නෑ. ඒ උනාට ඔය කට්ටම තමයි මාත් මේ අවුරුදු 4ක් තිස්සේ කෑවේ. තාමත් ඒ කට්ටම ඉවරත් නෑ. දිගටම කටු තමයි මේ ජීවිතේ !!!!

කවි ටික නම් ගින්දර !!!!!

සිත් අහස said...

මටත් ඔය සෙතේම තමයි. මේ කොන්ක්‍රීට් වනන්තරේට වෙලා නිකන් කාලෙ කනවා. නිදහසේ හුස්මක් ගන්නවත් මෙහේ ඉඩක් නෑ නේ.. මාත් අවුරුදු 2ක් තිස්සේ බලන් ඉන්නේ කවදා මේකේන් එළියට යන්න පුළුවන් වෙයිද කියලා

KBW said...

පට්ටයි....ඔය කට්ටම කන නිසා බොක්කටම වදිනවා...:)

Post a Comment