ඔබ ලස්සනයි

Tuesday, June 28, 2011

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි...
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ මඟ යන විට සුලලිත ගමනට කවුරුත් ආසා කරන්නේ
සුරංගනාවක් දුටුවා වාගේ සමහරු හැරි හැරි බලයි
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගේ
ඔබ ලස්සනයි තොල් පෙති නා දඵ වගේ
ඔබ ලස්සනයි කවුරුත් ඔබ බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි



ප්‍රිය සාදයකට මා හා ගිය විට රුජිණක් වාගේ ඔබ දිලෙන්නේ
මලකට ලංවෙන බඹරුන් වාගේ කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි..................................................






1 අදහස් සහ උදහස්:

Anonymous said...

ලස්සනයි! ලස්සනයි!
ආඩම්බරයි මට හරි ආඩම්බරයි

Post a Comment