අද

Saturday, July 14, 2012





අද දවස සමහර විට

හදවතක් එක් කල දිනයක්ද
හදවතක් වෙනස් කල දිනයක්ද
හදවතක් රිදවන්නට සමත් දිනයක්ද වන්නට තිබුණි බව වග මට නොහැඟුණි.....
එහෙත් මට නොදැනීම කාලය ගෙවී ගොස් නැවතත් ඒ දිනය උදා වී ඇත.මගේ ජීවිතයට වෙනස් අරුතක් එක් කල, ජීවිතය වර්ණවත් කල ජීවිතයට නව මඟක් කියා දුන් ඒ දිනය අදයි..


හදවත
ඔබත් මමත්
එකලු කල ආදරය
අද්දරින් ගලා යන ජීවිතය
පැණ නැඟුණු දුක් කම්කටොලු
විඳ දරා ඉදිරියට

ලැබැඳි ඔබ දෑස් දෙස නෙත් යොමා
බලා හිඳින්නට
ලැබැඳි ඔබ වදන් වෙත කන් යොමා
අසා සිටින්නට
ලැබැඳි ඔබ කැටුව දෑත් පටලා
පිය මනින්නට
තව තවත් ඉදිරියට

පිය නඟමු ජීවිතය
සැබැඳියේ ඔබ සමඟ

ආදරණීය
ඔබ ............................................


Years are Going on More,
And More,
Sometimes We Are Happy,
Sometimes We Not,
Sometimes We Quarrel
Sometimes We Struggle 
But One Thing Is Sure, I Can't Stay 
One Second Without you 
I Love You and Wishing You

Happy Anniversary........ 
 

ඔබ තරම් පෙම් කෙරූ

Sunday, December 4, 2011

ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........

ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥
මේ තරම් ආදරේ....... ♥

රැය පුරා ඉකි ගසා රතට හැරි දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරවා
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........ 



තනිවෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේනම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්........

ඔබ තරම් පෙම් කල වෙන කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ
ඔබ වෙන් වී ගිය පසු..........

ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....... ♥
මේ තරම් ආදරේ....... ♥ 

ගායනය : තීක්ෂන අනුරාධ