ජීවිතයට ඔවදනක්

Tuesday, October 25, 2011

එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින් 

ඉඳගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්
 
කන්න - ඔබට ප්‍රමාණවත් තරම්

 
බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නො වන දෙයක්

 
ලියන්න - දැනුමත්, වින්දනයත් ලබා ගත හැකි නිර්මාණයක්

 
කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්

 
කතා කරන්න - ප්‍රයෝජනවත්, අවශ්‍යදෙයක් පමණක්

 
සිනහවන්න - සමච්චලයට නොව අවංක හදවතින්ම

 
කියන්න - අයහපත් නො වන ඕනෑම දෙයක්

 
අහන්න - කියන්නා කෙසේ වෙතත්, සිහිබුද්ධියෙන්, ඕනෑකමින්

 
බලන්න - දෙනෙතට මනසට ප්‍රියකරන යමක්

 
ඉන්න - කිසිවිටක කිසිවෙකුට කරදරයක් නො වන සේ

 
අඳින්න - පිරිසිදුව, චාම්ව, සංස්කෘතියට ගැලපෙන සේ

 
ඉගෙනගන්න - හැමවෙලාවේම වටිනා යමක්

 
පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන්

 
උත්සාහ කරන්න - උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නොමැති නිසා

 
සෝදන්න - අනික්වා මෙන්ම හදවතත්

 
ඉතිරිකරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්

 
නිදාගන්න - විරාමයක් ලබාගන්න පමණක්

 
නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු මෙන්

 
ඇවිදින්න - බලන්න, ඉගෙන ගන්න බොහෝ දේ ඇති නිසා

 
යන්න - යා යුතු මග ඉදිරියට නොබියව

 
හදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකු

 
මැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ මනුෂ්‍යයකු ලෙස සතුටින්



උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

දිගු දෑස දුටුවාම.....

Friday, October 14, 2011

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ...

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද....


පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ...

දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද....
 
ගායනය : රොමේෂ් සුගතපාල