පුතණ්ඩි ......................

Friday, August 26, 2011

කාලෙකින් අහපු අමුතුම තාලෙ ඇත්ත කතාවක් ගැන කියන සිංදුවක්
මේ සිංදුව අපේ ජීවිතේ ......  කාලය ගැන වෙනස් විදියකට බලන සිංදුවක්
බලන්න හැබෑ ජීවිතෙත් මෙහෙම වෙනවද කියලා....


අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි ‍කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...

ගාලු මුවදොරේ සිමෙන්ති බංකු පවා සාක්කි..
අපි දෙන්නගේ පෙම් කතාව මුහුදු සුළඟ කියාවි
බේරෙ වැවේ මැද රවුමේ ලී බංකුත් සාක්කි..
අපි දෙන්නගේ  පුංචි රණ්ඩු අදටත් එහි ඇසේවි

මැණිකේ මැණිකේ අපේ පුතත් එහි ගියොතින් ඌට ඒවා ඇසේවි


අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි ‍කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...

වා සුළියේ අත් පටලා පිය මැන්නා හිතු මතේ
තුරුල් වෙවී සිනාසිසී ගස්මුල් වල වාඩිවී
සිනමාහල් වලට ගිහින් බයිස්කෝප් බලද්දී
මතකද මැණිකේ ඔයාගෙ මුහුණ මෙ මම සිබිද්දී 


මැණිකේ මැණිකේ අපේ පුතත් එහි ගියොතින් ඌත් ඒවා කරාවි

අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතණ්ඩි
යනවා වගෙයි ‍කෙල්ල එක්ක හරි හරියට සවාරී
අපි දෙන්නම රැවටුණු බව පුතණ්ඩියා සිතාවී
ඒවා කොහෙද පුතුට කලින් නෙව අපි ගියෙ සවාරී...

මහේෂ් ඩිල්ෂාන්





ඔබ ගාව මම ඉන්නෙමි.........

Wednesday, August 24, 2011

 
ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී

ඔබ ගාව මම ඉන්නෙමි..............

මෙලෙසේ දිළෙන්නේ තරුසේ නිවෙන්නේ
ඔබෙගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සැසලී නොයන්නේ
ඔබෙගේ මගේ සෙනෙහේ නේදෝ

සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළදේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළදේ

මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වි ගුවනේ පියාඹන්න වේවි
අභ්‍යාවකාශ ගානේ ග්‍රහලෝක ගානේ මිතුරන් සොයා යන්න වේවි
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළදේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ

ඔබ ගාව මම ඉන්නෙමි සුසුමන් වගේ යාවෙමී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලී ළං වී තරුමල් කඩා දෙන්නෙමී
 
ඔබ ගාව මම ඉන්නෙමි....................

මිල්ටන් මල්ලවාරච්චි 

කඹුරුගමුව වෙරළට තල්මසෙක්

Thursday, August 4, 2011

පසුගිය බදාදා (2011/08/03) දින වැලිගම කඹුරුගමුව ප්‍රදේශයේ මුහුදු වෙරළට මියගිය තල්මසෙක් ගොඩගසා තිබුණා. විභාගෙට පාඩම් කරන එක පැත්තක තියලා මාත් ගියා තල්මහ බලන්න.. පින්තුර කිහිපයකුත් ගත්තා.










තල්මහ අයත් වෙන්නේ ෆින් ( Fin Whale ) කියන වර්ගයටලු.නැවක වැදිලා තුවාල වෙලා තියෙනවා නම් පේනවා, මධ්‍ය ප්‍රමාණයේ තල්මහෙක්..තල්මහ දැකලා පොඩි දුකකුත් සිතට ආවා.දකුණු පලාතේ මිරිස්ස වෙරළ තීරය කොහොමත් තල්මසුන් ඩොල්ෆින් බලන්න ප්‍රසිද්ධයි.....

මගේ අම්මා

Wednesday, August 3, 2011


හදවත වේදනාවෙන් සිරකරලන මේ සිදුවීම මට තවත් දරාගත නොහැකිය. හැම රැයකම මා ඇයව සිහිනෙන් හෝ ප්‍රාර්ථනා කරන්නේ මට ඇයගෙන් සමාව ගත යුතු නිසායි. ඒත්........

මේ සිදුවීම ඇරඹෙද්දී මං හුඟක් පුංචි යි. මට ඈව මතක තිබූ කාලයේ මගේ අම්මාට තිබුණේ එක ඇසක් පමණයි.

විරූපි අම්මා කෙනෙක්. හරිම අප්‍රසන්න දසුනක්. ඇගේ තනි ඇස නිසා ඇයත් නිතරම අපහසුවෙන් හිටියේ. කෙසේ වෙතත් මං හැමවිටම ඇයව පිළිකුල් කළා.

මට මතකයි, දවසක් ඇය මගේ පාසලට පැමිණි දිනය. ඒ කාලයේ මං ඉගෙන ගනිමින් සිටියේ ප්‍රාථමික අංශයේ. ඇයගේ ආදරය නිසා ඇය මාව බලන්නට පැමිණ සිටියත් ඇය දුටු විගස මට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. ඒ වෙලාවේ මට හුඟක් තරහා ගියා.

අම්මා ඇයි මට මෙහෙම කරන්නේ?

ඇයගේ විරූපී මුහුණද සමගින් ඇය දැන් පාසලටත් ඇවිත්. ඒ මොහොතේ මං ඇයට වචනයක්වත් කතා කළේ නැහැ. ඒ වෙනුවට ඈ වෙත නපුරු බැල්මකින් දමා ගැසුවා.

පහුවදා පාසලේ මිතුරන් මට සරදම් කළා.

“ඊ ඊ ඊ... ඔයාගේ අම්මාට තියෙන්නේ එක ඇහැයි. ඒ මොකද ඒ?

ඒ වෙලාවේ මං හුඟක් අසරණ වුණා. මුළු ලෝකයෙන්ම සැඟවී යන්නට ඇත්නම් යැයි සිතුණා. අම්මා ඒ මොහොතේම අතුරුදන් වී යනවා නම් කොච්චර හොඳ දැයි සිතුණා.

එදා සවස මම ඇය සමඟ කතා කළේ දැඩි අමනාපයෙන්.

අම්මා ඔය හදන්නේ මාව විහිළුකාරයෙක් කරන්නද? ඇයි ඔයා මැරිලාවත් නොයන්නේ?


මගේ අම්මා කිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. මං එදා ඒ කියපු දේ ගැන දෙපාරක් හිතුවේත් නැහැ. ඒ මම එදා හුඟක් තරහෙන් සහ ලැජ්ජාවෙන් සිටි නිසා.

මට සැමවිටම අවශ්‍ය වූයේ නිවස හැර දමා යාමටයි. මට අම්මාව පොඩ්ඩක්වත් අවශ්‍ය වුණේ නැහැ.

ඒ අතරේ මං හුඟාක් මහන්සිවෙලා ඉගෙන ගත්තා. මට පිටරටකට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඊට පසු හොඳ රැකියාවක් ලැබුණා.

පසු කාලයක මං විවාහ වුණා. ගෙයක් හැදුවා. හැමදේම සාර්ථක වුණා.

මගේ බිරිය සහ දරුවන් සමඟ මගේ ලෝකය සතුටින් පිරුණා.

කාලය ගෙවී ගියේ ඒ අයුරින්.

දවසක් මගේ අම්මා මාව දකින්න පැමිණ සිටියා. මං ඇයව දුටුවේ අවුරුදු ගණනාවකින්. මගේ දරුවන් කවදාවත් ඇයව දැක තිබුණේ නැහැ.

මගේ දරුවෝ ඇය දැක බිය වුණා. ඒ අප්‍රසන්න මුහුණ, අනේ දෙවියනේ. ඇය මගේ කෝපය නංවන හැටි.

අම්මේ, ඇයි මගෙන් ඈත්වෙලා ඔයා නොයන්නේ? ආ.... කිසි වගක් නැතුව මෙහේ ඇවිත්... ඔයා මගේ දරුවන්වත් හොඳටම බය කරලා. දෙයියන්ගේ නාමෙට මෙහෙන් පිටවෙලා යන්න. මොන කරදරයක්ද මේ. එලෙස අනාරාධිතව පැමිණීම ගැන ඒ වෙලාවේ මම කෑ ගසා ඇයට බැණ වැදුණා මතකයි.

ඒත් ඒ වෙලාවේ මගෙ අම්මා පිළිතුරු දුන්නේ බොහොම සන්සුන්වයි.

“අනේ මට සමාවෙන්න. මේක වැරදීමක් වෙන්නැති. මට අංකය වැරදිලා මං හිතන්නේ. මං වැරදි ගෙයකටයි ඇවිත් තියෙන්නේ. මට සමාවෙන්න මම යන්නම්.” ඊට පසු ඇය ඉක්මනින් මගේ දෑස්වලින් ඉවත් වූ හැටි මට මතකයි.

මේ අතරේ මගේ මුල් පාසලේ ආදි සිසු හමුවක් පැවැත්වෙන බව දන්වමින් මට ලිපියක් ලැබී තිබුණි. සතුටුදායක අවස්ථාවක් වූ මෙය මගේ හිතට සැහැල්ලුවක් එක් කළා. මගේ පුංචි කාලයේ පැරැණි මිතුරන්ගේ හමුවීම මට ප්‍රීතිමත් එකක් වුණා.

ආදි සිසු හමුව නිමාවීමෙන් පසුව මා ගම්මානයේ මගේ කුඩා පැරණි නිවෙස වෙත ඇවිද ගියේ ඇයි දැයි මට තවමත් හිතාගන්න බැහැ.

මම එහි ගියා. මගේ පුංචි ගෙදර. ඒත් කිසි වටිනාකමක් නැති. අම්මා එහි හිටියෙත් නැහැ. ජරාජීර්ණ වූ පාළු ගෙය හැරදා මා ආපසු හැරී ආවා. ඒත් මගේ පැරැණිතම අසල්වැසියන් හා දුදරුවන් එහි හිටියා.

ඔවුන් මට යමක් කියන්න උත්සහ කළා.

“ඇයි?” මං ඇසුවා.

“ඔයාගේ අම්මා මැරුණා”

මං ඔවුන් ඉදිරියේ වෙනස් වීමට ලොකු උත්සහයක් ගත්තා. ඒත්, මං ඇතුළතින් පොඩ්ඩක්වත් කණගාටු වුණේ නැහැ. මට එය දැනුණේවත් නැහැ. මට සිහිවුණේ ඇගේ විරූපී මුහුණ පමණයි.

ඒ සමඟ ඔවුන් මා අතට ලිපියක් පත් කළා. මේ තිබෙන්නේ ඒ ලියුමයි.

මගේ ආදරණීය පුතේ,

මං හැම වෙලාවෙම හිතුවේ ඔයා ගැනම යි.

මට සමාවෙන්න. මේ හැම දෙයක්ම සිදුවෙන්නේ ආදරය වැඩිකමටයි. පුතේ, ඔයාගේ ගෙදර ඇවිත් පුංචි දරු පැටවු ටික බය කළාට මට සමාව දෙන්න. මං දැනගෙන හිටියා ඔයා ආදි සිසු හමුවට එන බව. අනේ මට හරි සතුටුයි.

පුතේ මට දැන් හුඟක් අසනීපයි. සමහරවිට ආයේ කවදාවත් ඔයාව බලන්න එන්න බැරිවෙයි. මං නිසා ඔයා කොච්චර ලැජ්ජාවට පත්වුණාද කියලා මං දන්නවා. මට සමාවෙන්න මගෙ පුතේ.

පුතේ, ඔයාට පුංචි දෙයක් කියන්න තියෙනවා. ඔයා ගොඩක් පුංචි කාලේ ඔයාට අනතුරක් සිද්ධ වුණා. ඒ වෙලාවේ ඔයාගේ ඇසකට හානි වෙලා ඒක ගලවා දමන්න සිදුවුණා. ඔයාගේ අම්මා ඒක කොහොම බලා ඉන්නද? එක ඇසක් සමඟ ඔයා ලොකු දරුවෙක් වෙනකොට ඔයාට දැනෙන දුක මට දරාගන්න නම් කොහොමත් බැරි වුණා. ඒ නිසයි, මගේ පුතේ, මං ඔයාට මගේ ඇහැක් දුන්නේ.

දැන් ඔයාට ලෝකය බලන්න ඇස් දෙකක්ම තියෙනවානේ.

ඒ සතුට තමයි මගේ ජීවිතය පුරාම රැඳී තිබුණේ. මගේ පුතේ, මං ඔයාට හැමදාමත් ආදරෙයි.

මම
ඔයාගේ අම්මා.